මෙරටට ඉන්දීය හමුදාව යොදවනවාද? ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

ඉන්දියාව සිය හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට යොදවන බවට පැතිර යන රාවය පිළිබඳව පැහැදිලි කරමින් කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අදාළ ප්‍රකාශ අතිශය සාවද්‍ය සහ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත මාධ්‍ය වාර්තා බවයි.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය එය තරයේ ප්‍රතික්ෂේප කරන බවද දන්වනවා.

එසේම මහ කොමසාරිස් කාර්යාලය, එවැනි වගකීම් විරහිත වාර්තාකරණයන් හෙළාදකින අතර අදාළ පාර්ශ්වයන් කටකතා පැතිරවීමෙන් වළකිනු ඇතැයි අපේක්ෂා කරන බවද එම නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?