හෙට බස් සහ දුම්රිය නැහැ

අද පස්වරු 6 සිට සඳුදා පෙරවරු 6 දක්වා දිවයින පුරා පනවන ලද ඇඳිරි නීතිය මේ වන විට ක්‍රියාත්මකයි.

රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව සඳහන් කලේ මහජන ආඥා පනතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ඇඳිරි නීතිය පනවා ඇති බවයි.

ඇඳිරි නීතිය නිවේදනය කිරීමත් සමඟ ප්‍රදේශ රැසක ජනතාව භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙළඳසැල් වෙත විශාල ලෙස එක්රැස්වූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත් ඇඳිරි නීතිය පනවා තිබුනද ප්‍රධාන නගර වල සිට ගම්මාන වෙත මගීන් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රී ලංගම බස් රථ අද අවසන් ගමන් වාරය දක්වා ධාවනය කිරීමට උපදෙස් ලබා දිී ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා කියා සිටියේ හෙට දිනයේ කිසිදු බස් රථයක් ධාවනය නොවෙන බවයි.

එමෙන්ම සියලු පෞද්ගලික බස් රථ ධාවන කටයුතු අද රාත්‍රී 7 න් පසුව අත්හිටුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතී ගැමුණු විජේරත්න කියා සිටියා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ රාත්‍රිී තැපැල් දුම්රිය හැර අද දිනට නියමිත සියලු දුම්රිය අද මධ්‍යම රාත්‍රිය දක්වා සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවයි.

කෙසේ වෙතත් හෙට දිනයේ කිසිදු මගී ප්‍රවාහන දුම්රියක් ධාවනය නොවන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව සමඟ උණුසුම් තත්ත්වයක් - නේවි එකක් පොලිසියක් ඕනි නෑනේ මෙහාට
01:43
Video thumbnail
බෙල්ලන්විල රත්කල වෙ#ල්ලෙන් පුද්ගලයෙකු එළොව යයි - මෙන්න එහි නවතම දර්ශන
02:11
Video thumbnail
හාමුදුරුවරුන් ආණ්ඩුව වෙනුවෙන් හඬ නගයි - පාලකයන්ට හැට පැනලා ඉන්න පුළුවන්නම් මෙයාලට ඇයි බැරි ?
05:14
Video thumbnail
පහුගිය ආණ්ඩු දෙක තවම තිබ්බනම් පොළේ එළවළු ගානටම කුඩු විකුණයි - හීනෙන් ඇහැරිලා වගේ කෑගහනවා
07:33
Video thumbnail
මැණික් ව්‍යාපාරිකයින් පුදුම කළ නාමල්ගේ උත්තරේ - ජනාධිපති වුණොත් මැණික් කර්මාන්තයට මොකද කරන්නේ ?
07:47
Video thumbnail
ඔයාගේ කනේ ඩෙසිබල් මීටරයක් එනවද ?හරි මම බලාගන්නම්කෝ උසාවියේදී ලස්සනට ඒක
06:01
Video thumbnail
ඔයත් ඊශ්‍රාලයට යන්න හීන දකින කෙනෙක්ද ?මේ කරුණු නොදැන යන්න හිතන්නවත් එපා
02:48
Video thumbnail
හයි කැපෑසිටි බයික් ගැන නාමල් කිව්ව දේ - මගේ මතය නම් 1200ccවලට අවසරය දෙන්න ඕනි
01:35
Video thumbnail
මිරිස්ස ධිවර වරායේ උණුසුම් තත්ත්වයක් - "මම විද්‍යාඥයෙක්නම් නාසා එකේ ඉන්න එපැයි"
02:04
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නාමල් කට අරියි - හිටියත් එකයි නැතත් එකයි අදාළ වියදම් ටික යනවා
02:02