සාමකාමී අරගලයේ සටන් සඟයෙක් වුණු තිසර අතුරුදන් වෙයි

සාමකාමී අරගලයක මූලිකත්වය ගෙන කටයුතු කළ තිසර යන පුද්ගලයා අතුරුදන්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් මනූෂ නානයක්කාර සිය මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.

තිසරව හොයලා දෙන්න!!!
අපි ඔබට දිගින් දිගටම මතක් කළා මේ රටේ පවතින දේශපාලන ත්‍රස්තවාදය ගැන..
Thisara Anuruddha Bandara කියන්නෙ මේ සාමකාමී අරගලයේ ඔබ කවුරුත් හඳුනන අපේ සටන් සගයෙක්.
ඊයේ මධ්‍යම රාත්‍රී 12.15ට තිසරව සිය නිවසට සිවිල් ඇඳුමෙන් පැමිණි මෝදර පොලීසියේ යැයි කියනා පිරිසක් විසින් රැගෙන ගොස් තිබෙනවා.

මෝදර පොලීසියට ගොස් විමසූ විට තිසර එහි නොමැති බව පවසල තියෙනවා. මේ ඉල්ලීම මේ සාමකාමී අරගලයේ සිටින ඔබගෙන් තිසර ඉන්න තැන ගැන ලංකාවෙ කොහේ හෝ කොනක ඉන්න ඔබට ආරංචියක් ආවොත් ඒ පිළිබඳව අපිට දැනුම් දෙන්න.
මේ තමයි දේශපාලන ත්‍රස්තවාදයේ ස්වරූපය. අපව අතුරුදහන් කොට රට මේ අගාධයෙන් ගොඩ ගන්න පුළුවන් නම් ඒකට වැඩියෙන්ම සතුටු වෙන පිරිස අපි. ඉදිරිපෙළ සගයන් කොතෙක් අතුරුදහන් කිරීමට මේ ත්‍රස්තවාදී උපක්‍රම භාවිත කරත් ඒ වෙනුවෙන් හඬ නැගීමට තවත් ලක්ෂ ගණනක මිනිස්සුන් මේ පාලනය වෙත සිය විරෝධය දක්වාවි. එය පෙරටත් වඩා තදින් ඔබට දැනේවි.

නිර්පාක්ෂික සාමකාමී අරගලයේ ආරම්භයට පමණක් ඔවුන් කොතරම් බිය වී ඇත්ද?

අදූරදර්ශී මිනිස්සුන්ගේ වහල්වාදී පාලනයෙන් මේ රට මුදවා ගැනීමට අවිහිංසාවාදීව සිය විරෝධය ප්‍රකාශ කිරීම අතුරුදහන් කිරීමට තරම් වරදක් ද?
අපට අජිත් රෝහණ මහත්මයාගෙන් ඇසීමට ප්‍රශ්න කිහිපයක් තියෙනවා.

  1. ඔබ මාධ්‍ය සාකච්ඡාවේදී කිවුවා වගේ සාමකාමී උද්ඝෝෂණකරුවන්ට ලබා දෙන නිදහස මෙලෙස සිවිල් ඇඳුමින් මාංචු රැගෙන පැමිණ රැගෙන යාමද?
  2. එසේ නම් කිසිම වරදක් නොකරපු මිනිස්සුන්ව මෙහෙම ගෙනියන්න තරම් නීතියක් ක්‍රියාත්මක කරන්න ඔබේ හෘදසාක්ෂිය ඔබට ඉඩ දෙනවද?
  3. තිසර අනුරුද්ධ බණ්ඩාරව අතුරුදහන් කළ ආකාරයට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත අවිහිංසාවාදී මහජනයා අතුරුදහන් කරන්න ඔබට පුළුවන් ද?
  4. එහෙම අතුරුදහන් කරල ඒ මිනිස්සුන්ව කොහෙද හංගන්න බලාපොරොත්තු වෙන්නෙ?
  5. මේ රටේ ඔබ රකින ඔබ කියන නීතිය මේකද?
    ආරක්ෂක අංශ සාමාජිකයින්ට කියන්නට අපිට පණිවිඩයක් ඇත. ඔබේ අපේ සහ උපනූපන් දරු පරම්පරාවක නිදහස
    වෙනුවෙන් සාමකාමීව විරෝධය ප්‍රකාශ කළ තිසර අනුරුද්ධ බණ්ඩාර තරුණයාව සඟවා ගෙන ඉන්නේ කොහෙද කියල ඔබට පහසුවෙන් හොයාගන්න පුළුවන් කියල අපි දන්නවා. හදවතට තට්ටු කරල අහන්න. මේ විරෝධය අනාගත පරම්පරාවක් වෙනුවෙන්, මේ රටේ ජීවත් වීමට අයිතිය ඉල්ලන මිනිස්සු වෙනුවෙන්. ඒක නිසා තිසර ඉන්න තැන දන්න කෙනෙක් පණිවිඩයක් තියන්න. අපි වෙනුවෙන් අපි කියන එක සම්පූර්ණ වෙන්නෙ එතකොට.
    පැතුම් කර්නර්ගෙ ගෙදරට, තාරුක රණවීරගෙ ගෙදරට සිවිල් ඇඳුමෙන් මෙලෙසම පැමිණ රැගෙන යාමට උත්සහ කරා. ඔබට පුළුවන් ද මේ රටේ පුරවැසියො හැමෝම එහෙම ගෙනියන්න.
    ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද?
    අද අපිව පැහැර ගන්න පුළුවන්. හැබැයි මේ දේශපාලන ත්‍රස්තවාදය හෙට ඔබව ඔබේ නූපන් දරුවාව ඉලක්ක කරල හමාරයි. ඊළඟට ඔබට මෙය වෙන බව මතක තබාගන්න.
    අතුරුදහන් කරල රකින්න තරම්, වියරු පාලකයින් සතුව ඇත්තේ මොනවාද?
    මාධ්‍ය සගයිනි, නීතිවේදී සගයිනි, නිර්පාක්ෂික අරගලයේ අවිහිංසාවාදී ජනතා සගයිනි…
    මේ ඔබේ හඬ පෙරටත් වඩා නැඟිය යුතු මොහොතක්.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10