රනිල් ගෙන් විශේෂ නිවේදනයක්

මිරිහානේ විරෝධතාව සමග ඇතිවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්ථාවරය ප්‍රකාශ කළේය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ පීඩාවට පත්ව සිටින ජනතාවට පිළිගත හැකි මට්ටමේ විසඳුම් ලබන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියේදී ලබාදීම සියලු පාර්ශ්වවල යුතුකම බවය.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා,

“ජන ගැටලු විසඳීමට ආණ්ඩුව හා විපක්ෂය අසාර්ථකයි. සාමකාමී උද්ඝෝෂණයකදී කිසිවෙකුට හානි නොවිය යුතුයි. ප්‍රචණ්ඩත්වයටත් ඉඩ නොදිය යුතුයි. ජන උද්ඝෝෂණවලට පක්ෂ සහභාගී නොවිය යුතුයි. ප්‍රමාද වූවත් පාර්ලිමේන්තුවටත් වගකීමක් තිබෙනවා… පීඩාවට පත් ජනතාවට පිළිගත හැකි විසඳුම් ඉදිරිපත් කරන්න. ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වී මේ යුතුකම ඉටු කරමු. ප්‍රචණ්ඩත්වය නොමැතිව සාමකාමීව ප්‍රශ්න විසඳගමු.”

මේ අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ  නායක අනුර කුමාර දිසානායක මහතා ද එම විරෝධතාවය ගැන අදහස් දක්වා තිබුණි.

උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වී වැඩකළ හැකි ආණ්ඩුවකට අවස්ථාව ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, 

“මේ සිද්ධි නිසා මාධ්‍ය මර්දනයට ආණ්ඩුව උත්සාහ කළොත් එය පරාජය කරන්නට ගත හැකි ඉහළම පියවර ගන්නවා. රජය සඳළුතලයේ ඉන්නේ නැතුව මහපාරට බහින්න. මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න නොහැකිනම් වහාම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වී වැඩකළ හැකි ආණ්ඩුවකට අවස්ථාව ලබාදෙන්න.” 

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා,

“අපි සැලකිලිමත් වෙන්න ඕන ඇයි ?. ඇතැම් උද්ඝෝෂණ තුළ ආණ්ඩුවට අවශ්‍ය දේ කරන නිසා. ඒ නිසා උද්ඝෝෂණ සාමකාමීව හා යම් මෙහෙයවීමකට අනුව සිද්ධ කරන්න… පක්ෂයක් ලෙස අපේ සියලු දායකත්වය ලබා දෙනවා. අවශ්‍ය තැනදී නායකත්වය හා සංවිධානය දෙන්නම්. ඔහේ පැනනඟින උද්ඝෝෂණවල වාසිය ආණ්ඩුවට.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13