ඉන්දියාවෙන් හොර රහසේ උතුරට එන බඩු

ලංකාවේ පවතින කෘමිනාශක දියර, පොහොර, වියලි කහ ඇතුලු කුලුබඩු ද්‍රව්‍යන්හි පවතින හිගය හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු මුහුදු සීමාවට රැගෙන ඒමේ ජාවාරමක් ක්‍රියාත්මක වී ඇති බවටද ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන් පෙන්වා දෙයි.

තමිල්නාඩුවේ තූත්තුකුඩි මුහුදු සීමාවේදී තලෙයිමන්නාරමට රැගෙන ඒමට සූදානම් කොට තිබූ කෘමිනාශක දියර ලීටර් 700 ක ප්‍රමාණයක් සහ යාත්‍රාවක් (30) තූත්තුකුඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවට වාර්ථා වෙයි.

තූත්තුකුඩි කිව් පොලිස් නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මුහුදු ප්‍රදේශයට ගොස් සිදුකරන ලද සෝදිසියකදී සැකකරුවන් විසින් වාහනයකින් අදාල කෘමිනාශක දියර තොගය යාත්‍රාවකට පටවමින් සිටියදී වැටලීම සිදුකොට ඇති අතර එහිදී සැකකරුවන් යාත්‍රාව සහ කෘමිනාශක දියර තොගයන් දමා වාහනයෙන් පලා ගොස් ඇත.

එහිදී යාත්‍රාව තුල තිබූ අදාල කෘමිනාශක දියර බෝතල් තොගය තිබී කිව් පොලීසියට රැගෙන ඒමට පොලිස් නිලධාරීන් පියවර ගනු ලැබූ අතර සැකකරුවන් සොයා පරික්ෂණයක්ද ආරම්භ කොට ඇත.

මේ අතර නාවික හමුදාව මගින් යාපනය කයිටිස් අල්ලපිඩ්ඩි මුහුදු සීමාවේදී කහ, එනසාල් සහ කෘෂි රෂායනික දියර තොගයක් අත්අඩංගුවට ගනු ලැබීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27