ඔස්ට්‍රේලියානු රජය ඉන්ධන බදු ඉවත් කරයි.

ඉහළ යන ජීවන වියදම හමුවේ ඉන්ධන බදු කපා හැර සාමාන්‍ය ජනතාවට සහන සැළසීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

එරට පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කල 2022-23 වසර සඳහා වන අයවැය ලේඛනයට අනුව මෙතෙක් ඉන්ධන ලීටරයක් මත පණවා තිබූ සත 44 ක බද්ද සත 22 කින් එනම් ශ්‍රී ලංකා මුදලින් ලීටරයකට රුපියල් 48 කින් පමණ අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙලෙස ගත් විට වාහන 02 ක් සහිත පවුලකට මාස 06 ක කාලයක් සඳහා ඩොලර් 700 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 154,000 ක පමණ සහනයක් හිමිවනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

ගෝලීය ඉන්ධන අර්බුදයක් පැවතියද මහජනතාවට සහන සැළසිය යුතු බවට වන ස්ථාවරයේ හිදිමින් රජයේ ආදායම අහිමි කරගනිමින් වුවද මෙම තීරණය ගත් බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය නිවේදනය කරනවා.

ඉන්ධන මත පණවා ඇති බද්දෙන් ලැබෙන ආදායමෙනුයි එරට රජය මාර්ග සංවර්ධන කටයුතු සිදුකරනු ලැබුවා.කෙසේවෙතත් පවතින තත්වය හමුවේ මාර්ග සංවර්ධනයට වඩා ජනතාවට ඉන්ධන සහනයක් ලබාදීම අත්‍යවශ්‍ය බව තීරණය කර ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය මෙම තීරණය ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53
Video thumbnail
අත තියන්නවත් බැරි අයට නීතියෙන් අත තිබ්බා - අපිට මේ Attack කරන්නේ වැඩේ හොඳට යන නිසා
06:35
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02