ලංවිම සේවකයින්ට පඩිත් නැතිවෙන ලකුණු

අයහපත් මූල්‍ය තත්ත්වය ඉතාම උග්‍ර අතට හැරී ඇති බැවින් විදුලි බල මණ්ඩලයට ලබාදෙන මූල්‍ය පහසුකම් බැංකුවලින් අත්හිටුවා ඇති බව අනාවරණය වෙයි.

මෙම තත්ත්වය මත ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ගේ මාර්තු මස වැටුප ගෙවනු ලැබුවේද ඉතා අපහසුතාවයෙන් බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ඩී.සී.ආර්. අබේසේකර මණ්ඩලයේ සියලුම අංශ ප්‍රධානීන්ට පෙරේදා (29 වැනිදා) දැනුම් දී ඇත.

නැවත අප්‍රේල් මුල් සතිය ඇතුළත මාසික වැටුප් ගෙවීමට ඇති බැවින් ගෙවීම් කළමනාකරණයක් සිදුකරන ලෙස සාමාන්‍යාධිකාරිවරයා දැනුම් දී තිබේ. මේ අතර වැටුප් ගෙවීමට අමතරව ඉදිරි සති කිහිපයේ ගල් අඟුරු සඳහාද රුපියල් බිලියන 32ක මුදලක් ගෙවීමට ඇත. මේ නිසා ලංකා විදුලිබල මණ්ඩලයේ එක් අංශයකට ඊයේ (30 වැනිදා) සිට දිනකට රුපියල් මිලියන පහළොවක උපරිමයක් සඳහා චෙක්පත් නිකුත් කළ යුතු වෙයි. විදුලි පාරි​භෝගිකයන්ගෙන් රුපියල් බිලියන 38ක මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයට අය විය යුතුව තිබේ. අවම වශයෙන් ඒ මුදලින් අඩක් හෝ අය කර ගැනීමට පියවර ගන්නා ලෙසද සාමාන්‍යාධිකාරිවරයා දැනුම් දී තිබේ.

මේ ආකාරයට ගෙවීම් හා වියදම් කළමනාකරණය කර ගත හැකි කරුණු දහසයක්ද සාමාන්‍යාධිකාරිවරයා අංශ ප්‍රධානීන්ට පෙන්වා දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ලංකාවේ ස්ථාපිත වෙයි - අති ප්‍රබල වීමේ සම්භාවිතාව 80%ට වැඩි
04:53
Video thumbnail
දෙදරු පියෙකුට අත්වූ ඛේදනීය ඉරණම..මසුන් අල්ලමින් සිටියදී දීයේ ගි# මි#යයි
01:50
Video thumbnail
අසිත කියන්නේ බොරු නෙවෙයි ටොම්පචයක් - නලින්ගෙන් මාලිමාවේ අසිතට සැර සත්තමක්
03:05
Video thumbnail
ඔයාලගෙම කෙනෙක් නැති වෙනකල්ද බලාගෙන ඉන්නේ ?බිත්තර අවුරුදු ගණන් තියෙන්න පුළුවන්
06:10
Video thumbnail
මාලිමාවේ අසිතට මිලියන ගාණක නඩුවක් වැටෙනවා ?මෛත්‍රී ගුණරත්නගෙන් අසිතට අභියෝගයක්
05:59
Video thumbnail
සජබ සෙට් එකක් නාවලපිටියේදී මහජන පෙත්සමකට අත්සන් ගයි - "අපි හොරු අල්ලනවට විරුද්ධ නෑ"
02:24
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක්
00:40
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
00:41
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය පොරකකා නාමල් ළඟට එයි
01:04
Video thumbnail
ප්‍රභාට මහින්ද එදා ඔළුව නැමුවේ නෑ අද නාමල් නමන්නෙත් නෑ - ත්‍රස්තවාදී කණ්ඩායමක් අද රට කරන්නේ
11:13