මෙරට කාන්තාවන් එරට පිරිමි උදෙසා ඩුබායි දේශයට

මැද පෙරදිග රටවල ගෘහ සේවයට යවන මුවාවෙන් මෙරට කාන්තාවන් ගණිකා ව්‍යාපාර සඳහා යොදවන සංවිධානාත්මක තැරවුකාර ජාලයක් පිළිබඳ විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඩුබායි රාජ්‍ය කරා පිටත්ව ගොස් ති​බේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළෙදාම්, ජාවාරම් හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මෙම පරීක්ෂණ සිදුකරයි.

ඇතැම් විදේශ රැකියා නියෝජිතායතන හා තැරවුකරුවන් මගින් මෙරට කාන්තාවන් දහසකට අධික සංඛ්‍යාවක් ඩුබායි, ඕමාන් ඇතුළු මැදපෙරදිග රටවලට ගෘහ සේවයට යවන බව කියා අසරණ කර බොහෝ කාන්තාවන් ගණිකා ව්‍යාපාරවල යොදවා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.

සංචාරක වීසා මත ඩුබායි සහ ඕමාන් යන රාජ්‍යයන් වෙත යවා ඇති එම කාන්තාවන් ගණිකා වෘත්තීය, සම්භාහන මධ්‍යස්ථාන ඇතුළු මිනිස් වෙළෙඳාමට හා ජාවාරමට ලක්වන රැකියා සඳහා යොමුකර තැරැවුකරුවන් ලක්ෂ ගණනින් මුදල් උපයා ගන්නා බව ද අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළෙදාම්, මිනිස් ජාවාරම් හා සමුද්‍රීය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.එම්. සමරකෝන්ගේ මෙහෙයවීම මත මීට අදාළ විමර්ශන කටයුතු සිදුවේ. මේ ආකාරයෙන්ම උස්බකිස්තාන සහ ඉන්දුනීසියාව වැනි රටවල කාන්තාවන් සංචාරක විසා මත මෙරටට ගෙන්වා ගණිකා වෘත්තියේ යෙදවූ ජාවාරමක් ද මෙම විමර්ශන කොට්ඨාසය මගින් මීට මාස කිහිපයකට පෙර අනාවරණය කර ගත්තේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියුණු රටවල කිසි දිනක රජය අධිකරණයට අත ගහලා නෑ..අධිකරණය ගැන සජබ පා.මන්ත්‍රී කට අරියි
03:40
Video thumbnail
ෆ්‍රරයිඩ් රයිස් හදන්න බඩු ගේන්න ගිහින් යළි නොආ සිව්දරු මව
01:15
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන්න පොලිස්පතිගෙන් නියෝග
01:11
Video thumbnail
ජාත්‍යන්තරයට ගිය ලංකාවේ රංගන ශිල්පීන් දෙදෙනා දිවයිනට
00:35
Video thumbnail
රංගන ශිල්පී මහේන්ද්‍ර - ප්‍රියන්ත දෙදෙනා දිවයිනට එයි - කලාකරුවන්ගෙන් උණුසුම් පිළිගැනීමක්
00:58
Video thumbnail
අකුරැස්ස සභාපතිට එරෙහි චෝදනාව ගැන ජනතාවගේ අදහස් - "ග#ලා නෙවෙයි මුල පැටලිලා වැටිලා එයා"
08:17
Video thumbnail
අධිකරණය ජනපතිගේ පාපිස්සක් කරන්න යන්නේ - සජබය හම්බන්තොටදී පෙත්සමක් අත්සන් කරයි
02:56
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:12
Video thumbnail
ප#රදුන් අකුරැස්සේ මාලිමා සභාපති තාමත් නිදැල්ලේ - මෙයා නීතියට උඩින්ද ?
03:12
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41