තෙල් නැද්ද එසේ නම් මෙන්න විසඳුම

ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳ තමා දැනුවත් කරන ලෙස බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. ඒ පිළිබඳ තමා ව පෞද්ගලිකව දැනුවත් කරන ලෙස කියමින් අමාත්‍යවරයා තම දුරකථන අංකය ද මාධ්‍යයට ඉදිරිපත් කළා.

ඒ අනුව 077-7414241 යන දුරකථන අංකය මඟින් අදාළ ප්‍රශ්නය ගැන තමාව දැනුවත් කරන ලෙසත් ඒ අනුව එම ගැටලු විසඳීම වෙනුවෙන් තමා මැදිහත් වන බවත් ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

ලබන සතිය වනවිට ඉන්ධන හිඟයට විසඳුම් ලැබෙන බව යි ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ලොකුගේ අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?