එදා ලීටරයට කි. මී. 8 ක් ගියත් අද එය 4 කට සීමා වෙලා

වෙනදාට පාසල් බස් රථ, වෑන් රථවලට ලබා ගන්නා ඩීසල් ලීටරයකින් කිලෝමීටර් 8ක් ධාවනය කළ බවත්, මේ වනවිට ලබා ගන්නා ඩීසල් ලීටරයකින් පාසල් බස් රථයක්, වෑන් රථයක් ධාවනය කළ හැක්කේ කිලෝමීටර් 4ක දුරක් බවත්, මේ තත්ත්වය තුළ දරුවන් පාසල වෙත රැගෙන යෑමත් ගැටලූවක් බවට පත්ව ඇති බවත් සමස්ත ලංකා අන්තර් දිස්ති‍්‍රක් පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිස්චන්ද්‍ර පත්මසිරි මහතා ඊයේ (29 දා) පැවසීය.

මෙම ප‍්‍රමිතියෙන් තොර බාල ඉන්ධන හේතුවෙන් බොහෝ පාසල් වෑන් රථ, බස් රථ බොහෝමයක්ම කාර්මික දෝෂවලට ලක්වී ඇතැයි ද ඒ මහතා කීය.

තවත් පාසල් වෑන් රථ, පාසල් බස් රථ රියැදුරන් විශාල පිරිසකට ඉන්ධන පෝලිම්වල තම අවශ්‍යතාවය ඉටුකර ගැනීමට රැඳී සිටීමට සිදුව ඇති බවත්, මේ ගැන අධ්‍යාපන අමාත්‍යාංශය හෝ මැදිහත් වී පාසල් වෑන් රථවලට ප‍්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම සඳහන් කර සිටියේය.

මේ දිනවල දරුවන්ගේ විභාග පැවැත්වෙන බැවින් ඒ සඳහා දරුවන් පාසල් කරා රැගෙන යෑමේ දැඩි වගකීමක් පැවරී ඇති නමුත්, ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් වෑන් රථ, බස් රථ රියැදුරන් දැඩි ගැටලූවකට මුහුණපා ඇතැයි ද හෙතෙම කීය.

පවතින තත්ත්වය හමුවේ දිවයිනේ ඇති සමස්ත පාසල් වෑන් රථ, බස් රථ 40,000 න්ම මේ වනවිට ධාවනය වනුයේ පාසල් වෑන් රථ, බස් රථ 10,000 ක පමණ ප‍්‍රමාණයක් බව ද හේ සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලගෙම කෙනෙක් නැති වෙනකල්ද බලාගෙන ඉන්නේ ?බිත්තර අවුරුදු ගණන් තියෙන්න පුළුවන්
06:10
Video thumbnail
මාලිමාවේ අසිතට මිලියන ගාණක නඩුවක් වැටෙනවා ?මෛත්‍රී ගුණරත්නගෙන් අසිතට අභියෝගයක්
05:59
Video thumbnail
සජබ සෙට් එකක් නාවලපිටියේදී මහජන පෙත්සමකට අත්සන් ගයි - "අපි හොරු අල්ලනවට විරුද්ධ නෑ"
02:24
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක්
00:40
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
00:41
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය පොරකකා නාමල් ළඟට එයි
01:04
Video thumbnail
ප්‍රභාට මහින්ද එදා ඔළුව නැමුවේ නෑ අද නාමල් නමන්නෙත් නෑ - ත්‍රස්තවාදී කණ්ඩායමක් අද රට කරන්නේ
11:13
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් Phone උස්සපු පොඩි කොල්ලා - කොල්ලගේ කෙරුවාව අතේ මාට්ටු ?
01:37
Video thumbnail
මාලිමාවේ අසිතගේ ප්‍රකාශයට ජනාධිපති නීතිඥ ශ්‍රීනාත්ගෙන් සැර පිළිතුරක් - අම්මා අප්පගේ බූදලයක් නෙවෙයි
07:45
Video thumbnail
කෝලිකුට්ටුව කැඩෙනවටත් විද්‍යාඥයෙක් ඉන්නවා කිව්වනේ මාලිමාවේ - පාර්ලිමේන්තු ශ්‍රමදානයට මමත් අහුවුණා
09:37