රටට ගිය කලක් ඇඳුමක් ඇඳලත් හමාරයි

විදුලි කප්පාදුව, ඩොලර් අර්බුදය සහ අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම හේතුවෙන් දේශීය නිමි ඇඳුම් මිල සියයට 40කින් ඉහළ නැග ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිලූක්ෂ කුමාර මහතා ඊයේ (29 දා) පැවසීය.

විශේෂයෙන් මහරගම පමුණුව රෙදි වෙළෙඳපොළේ අවුරුදු සමයේ රුපියල් 200ට 300ට අලෙවි වූ ස්කර්ට්, බ්ලවුස්, ෂෝට් කලිසම්, යනාදිය රුපියල් 800ත් 1000ත් අතර මිලකට ඉහළ නැග ඇතැයි ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතාකළ නිලූක්ෂ කුමාර මහතා මෙසේ ද කියා සිටියේය,

රෙදි මහන්න ගේන අමුද්‍රව්‍ය මිල ඉහළ ගිහින්. මේක දරාගන්න බැහැ. බොත්තම් මිල ඉහළ ගිහින්. රුපියල්

600 ට ගත්ත නූල් දැන් රුපියල් 1800 ක් වෙලා. මේවායේ මිල ඉහළ ගියාම හැම නිමි ඇඳුමකම මිල ඉහළ නංවන්න වෙනවා. ඒ වගේම දිනකට පැය 8කට ආසන්න කාලයක් විදුලිය කපනවා. මේ තත්ත්වය තුළ කුඩා පරිමාණ ඇඟලූම් කම්හල් හිමියන්ට නිෂ්පාදනයකින් තොරව සේවකයන්ට වැටුප් ගෙවන්න වෙලා තියෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19