“අන්දොස් වූ කොළොම්පුරය”

ලංකාව නන්නත්තාර වූ හැටි ද වීක් සඟරාව හෙලි කරයි

සතිපතා පළවන “ද වීක්” ජාත්‍යන්තර සඟරාවේ ලබන අප්‍රේල් 03 වනදා නිකුත්වන කලාපයේ කවරයේ කතාව වෙන් කර ඇත්තේ ශ්‍රී ලංකා වත්මන් ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධයෙනි. පිටු 20 ක අතිරේකයක් ලෙස පළ කර ඇති මෙම කවරයේ කතාවෙන් ශ්‍රී ලංකා රජය පසුගිය කාලයේ සිදු කළ අදූරදර්ශී ආර්ථික කටයුතු ගැන බරපතල විවේචන සිදු කර තිබේ.

සඟරාව මගින් ආර්ථික විද්‍යාත්මක දත්ත- වගු ප්‍රස්තාර ඇසුරින් විග්‍රහ කර තිබෙන අතර මෙය ශ්‍රී ලංකාව විසින් නිර්මාණය කරගත් අර්බුදයක් බව මනාව පාඨකයාට ඒත්තු ගන්වා ඇත.

ජනතාව විඳින පීඩාව ගැන විශේෂ ලිපි දෙකකින් අනාවරණය කර තිබෙන අතර අජිත් නිවාඩ් කබ්රාල් සමග සහ පාඨලී චම්පික සමග සිදුකළ සම්මුඛ සාකච්ඡා දෙකක්, රාජපක්ෂ සමාගමේ බල රෙජිමය, බැසිල් මෝදි හමුවේ සැඟවුණ කතාව, පෝර්ට් සිටියට ඉන්දීය සම්බන්ධය ඇතුළු ලිපි ගණනාවකින් මෙම අර්බුදය විග්‍රහ කර තිබේ.ඉතා සියුම් ප්‍රවේශයක් සමගින් ඇරඹෙන ලිපි වටිනා හරාත්මක කරුණුවලි පෝශනය වී ඇත.

මෙවැනි ජාත්‍යන්තර ප්‍රකාශන හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීම ලෝකයට ගෙනයන පණිවිඩය එතරම් යහපත් එකක් නොවෙන බව නම් කිව යුතුමය. මෙම ලිපි මගින් ඉදිරි ආයෝජන අවස්ථා අඩුවීමට මෙන්ම සංචාරක කර්මාන්තය අඩපණවීමට සුවිශේෂ බලපෑම් ඇති කරනු ඇති බව අප විශවාස කරන අතර මේ සම්බන්ධව ශ්‍රී ලාංකීය මාධ්‍ය අත විශාල වගකීමක් පැවරෙන බවද කිව යුතුමය.

මෙම සඟරාවේ පළවූ ඡායාරූප හා ග්‍රැෆික් නිර්මාණ කිහිපයක් ලිපියේ අවසානයට එකතුකර ඇත…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20