රංජා මහ උළු ගෙදර ඇතුලෙ ඉදන්ම වැඩ පටන් ගනී….

රන්ජන් රාමනායක දේශපාලකයෙක් වගේම රටම හදුනන නළුවෙක්.කොහොම නමුත් ඔහු මේ වෙද්දි ඉන්නේ සිරගත වෙලා.සිරගත වී ඉන්න අතරතුරත් ඔහුට ජනප්‍රියම නළුවා ට හිමි සම්මානය හිමි වූ පුවතක් අපිට අසන්නට ලැබුනා.කොහොම නමුත් මේ සටහන වෙන් වෙන්නේ රංජන් ඔහුගේ මුහුණුපොතේ තැබූ සටහනක් සම්බන්දවයි.ඔහු නැවතත් දේශපාලනය සම්බන්ධයෙන් මේ සටහන් කරන්නේ කුමක්ද යන්න පිලිබද තෝරා බේරා ගැනීම ඔබට බාර කරමින් අපි සටහන පමනක් මෙසේ ඉදිරිපත් කරනවා ,

මගේ ආදරණීය නංගියේ මල්ලියේ #StandWithRanja මගේ අලුත්ම වැඩපිළිවෙලත් එක්ක එකතු වෙන්න අත්වැල් බැද ගන්න. මම මං වෙනුවෙන් සටන් කරන්න වද වෙන්නෙ නෑ කවදාවත්. මට නිදහස එපා… තනි මට තියෙන්නෙ මේ හුස්ම ටික විතරයි. ඒ නිසා මට ඕනෙ දෙයක් ඔට්ටුයි. මම නිදහස් මිනිහෙක්. මේ වැඩ පිළිවෙල උඹලා වෙනුවෙන්මයි…
මට මේ වැඩ පිළිවෙල ඉදිකටු තුඩක් උඩ ඉදන් හරි උඹලා වෙනුවෙන් කරගෙන යන්න ඇත්නම් ඒ ඇති.. අපි මේ කාපාලුවන්ගේ වියදම් කපා හරිමු… අපි මුන් මේ රටෙන් අරන් ගිය ඩොලර් ආපහු ගෙනෙමු.
පුනර්ජනනීය බලශක්තිය සූර්ය බලශක්තිය හදන්න බල කරමු. මුන් ඒවා නොකරන්නෙ ඉරෙන් වතුරෙන් සුළගෙන් මුන්ට කොමිස් එන්නෙ නැති නිසා.. අපි මේ රටේ දුක් විදිමු. උඹලාගේ දරුවන්ට සැපෙන් ලස්සනට ජීවත් වෙන්න පුලුවන් රටක හදමු. එකතු වෙයල්ලා මගෙත් එක්ක…
මම නැතත් මේ වැඩ පිළිවෙල යන්න ක්‍රමය මම හදලා ඉවරයි…
මම හිරගත වෙලා නිකන් හිටියෙ නෑ…
මගේ මොළේ පාවිච්චි කරා…
උඹලට අපිට ජය වේවා….!!!!
රංජා වැඩ පටන් ගත්තා…
#StandWithRanja#RanjanRamanayake
~RR Media Team

image 30


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51