තවත් අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් කෙරේ

අක්ෂි කාච, ස්ටෙන්ට්ස්, රුධිර ග්ලූකෝස් මාපක, ඒ සඳහා භාවිත කරන තීරු සහ පල්ස් ඔක්සිමීටර් හෙවත් රුධිර පීඩන සඳහා වන සංශෝධිත උපරිම සිල්ලර මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඊයේ (28), සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින්.

අදාළ ගැසට් නිවේදනය ප්‍රකාරව යම් වෙළෙඳ නාමයකින් හෝ අනුමත නාමයකින් හෝ විස්තර කර ඇති මෙහි උපලේඛනයේ 03 වැනි තීරයේ අනුරූපී සටහනේ නිශ්චිතව දක්වා ඇති යම් නිෂ්පාදකයෙකු විසින් නිෂ්පාදනය කර ඇති උපලේඛනගත වෛද්‍ය උපකරණ යනුවෙන් සඳහන් කරනු ලබන මෙහි උපලේඛනයේ 2 වැනි තීරයේ නිශ්චිතව දක්වා ඇති වෙළෙඳ නාමයෙන් හෝ අනුමත නාමයෙන් වන වෛද්‍ය උපකරණවල උපරිම සිල්ලර මිල මෙහි උපලේඛනයේ 04 වැනි තීරයේ අනුරූපී සටහනේ නිශ්චිතව දක්වා ඇති පරිදි විය යුතු බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?