පරිපූර්ණ රංගධරයකු වුණු සනත් ගුණතිලක යුග දිවියට පිවිසෙයිද..?

ශ්‍රී ලාංකීය සිනමාවේ රනින් මතකයක් රැන්දූ දක්ෂතා රැසකින් පරිපූර්ණ රංගධරයකු ලෙසින් සනත් ගුණතිලක නම් ඔහුව හඳුන්වා දිය හැක.

කඩවසම් නළුවෙක් වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු නිෂ්පාදකවරයකු ලෙස බොහෝ ආදරණීය ගෞරවයට පාත්‍ර වන ඔහු සමග සතිඅන්ත පුවත්පතක් මේ විදිහට සාකච්ඡාවක් පවත්වා තිබුණා.

මොනවද මේ දිනවල කෙරෙන්නේ?

නවතම ආරෙක චිත්‍රපටයක් මා අතින් මේ දිනවල අධ්‍යක්ෂණය කෙරෙනවා.

ඔබට රඟපෑමටද වඩාත් කැමැති දේශපාලනයට ද?

මගේ පළමු කැමැත්ත වගේම සියවන කැමැත්තත් රංගනයට .මම දේශපාලනය කළෙත් බොහොම සතුටින්. නමුත් ඊටත් වැඩිය කැමති දේශපාලනයෙන්  ඉවත් ව්මට  සිදුවීම ගැන.

පුංචි කාලේ ඉඳලාම නළුවෙක් වෙන්න  ද සිහින මැව්වේ?

නැහැ. මම නම් සිහින  දැක්කේ වෛද්‍යවරයෙක් වෙන්න.නමුත් අම්මගේ නං කැමැත්ත තිබුණෙ පොත්පත් ආශ්‍රිතව රැකියාවක් මම කරනවා දකින්න… හීනෙකින්වත් හිතපු නැති වෘත්තින් වලයි මා නියැළුණේ.

අම්මා ඔබ තෝරාගත් වෘත්තිය ගැන  අපහැදිමෙන්ද හිටියේ?

සමහර විට මට දැනුනු විදිහට මගේ රඟපෑම් ජීවිතයට  අම්මගෙන් ආශිර්වාදයක් ලැබුණේ නැහැ ..නමුත් ඇය කවදාවත් අකුල් හෙලලාත්  නැහැ …තාත්තා ඊට හාත්පසින්ම වෙනස්. මගේ රංගන දක්ෂතාවයන් දකින හැම වෙලාවකම ඔහු අප්‍රමාණ සතුටක් ආඩම්බරයක් ලැබුවා.

ජීවිතයට පාළුවක් තනිකමක් දැනෙන්නේ නැද්ද?

තවම නම් එහෙම දෙයක් දැනිලා නැහැ.

ඔබ විවාහ නොවී ඉන්න තීරණය කරන්නේ?

ඇත්තට ම මම විවාහ නොවී ඉන්න බලපාපු හේතුව මම තාමත් හොයනවා.

විවාහ යෝජනා කොච්චර විතර ලැබිලා තියෙනවද?

ගණන් කරලා නම් නැහැ. නමුත් අදටත් එදා වගේම විවාහ යෝජනා එනවා. මට යෝජනා එනවා වගේම මමත් ඇතැම් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා.  සමහර විවාහ යෝජනා ඉදිරිපත් කර තිබුණේ   රඟපෑම අත හැරලා විවාහ වෙන ලෙසට. තවත් විවාහ යෝජනා එක්ක මරණ  වරෙන්තු පවා  ඇවිත්  තිබුණා.

ඔබ තවමත්  ආදරය කරනවාද?

ඔව්.
මැරෙනකම්ම.
අවබෝධාත්මක ආදරණීය ප්‍රේමයක් ජීවිතයේ ඉදිරි කාලය මාව ජීවත් කරවයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා.

ඒ කිව්වේ ඔබ ඉදිරියෙදි  විවාහ  වෙනවාද?

”ප්‍රේමය ” විවාහයකින් නිම විය යුතුයි කියා රීතියක් කොහෙවත් නෑ නේද 

වයසට යන එක නතර කරලා ද?

අපෝ නෑ. දැන් මට වයස අවුරුදු හැට පහක්.

තවමත් කොල්ල වගේ ඉන්න රහස මොකක්ද?

මාව දකින හැමෝම ඔය ප්‍රශ්නය  මගෙන් අහනවා .ඇත්තටම ඒ වෙනුවෙන් විශේෂ දෙයක් නම් කෙරෙන්නේ නැහැ. නමුත් යම් විදිහකට හිත සන්සුන් කරගෙන, හිත සැහැල්ලු වෙන් තියාගෙන සතුටින් ඉන්න කොට අපි නොදැනුවත්වම අපේ බාහිර පෙනුම ප්‍රියමනාප වෙන බව මම විශ්වාස කරනවා. ඒ හැරෙන්න ලෙඩ වෙන එක වයසට යන එක වැනි පොදු ධර්මතාවයන්ට මමත් මුහුණ දෙමින් සිටිනවා.

කෑම බීම ගැන පොදුවේ සැලකිලිමත්ද?

වයසත් එක්ක පොඩි සැලකිල්ලක් නං තියෙනවා. නමුත් ලොකුවට සැලකිල්ලක් නැති නිසා සමහර වෙලාවට වෛද්‍යවරු පවා කියනවා ඔයාව බලාගන්න කවුරුහරි හිටියා නම් හොඳයි කියලා …

ඔබට වඩාත් ම ගැළපෙන ඇඳුම?

සරමටයි කමිසයටයි   කඩවසම් පෙනුමක් තියෙනවා .සමහර වෙලාවට කලිසම ඇඳන් තැනකට ගියොත් කට්ටිය අහනවා ඇයි කලිසමක්  ඇඳේ කියලා ….

ඔබේ ශරීරයට වඩාත් ගැලපෙන පාට?

රතු, දම්, කහපාට මම ගොඩක්  කැමැතියි.

විනෝදාංශ මොනවාද?

විවිධ විෂයයන් යටතේ ලියවුණු පොත්පත් කියවන්න මම ගොඩක් ආසයි .ඊට අමතරව පැත්තකට වෙලා ලොකු කල්පනාවක වැටිලා ඉන්න එකෙනුත්  ලොකු විනෝදයක් ලබනවා.

ඔබ වඩාත් කැමැති නිළිය?

මම වඩාත් කැමැති නිළිය අයිරාංගනී සේරසිංහ. නමුත් මා සමඟ රඟපෑ නිළියන්ගෙන් මා වඩාත්ම කැමති ගීතා කුමාරසිංහට.
ගීතා සමඟ මොන රංගනයේ යෙදුනත් තාත්විකයි. ආදරණීයව රඟපෑවත්, රණ්ඩු උනත් සජීවීයි.

වාසනාව ලැබීම ගැන ඔබ විශ්වාස කරනවද?

ඔව්. යම්තාක් දුරකට විශ්වාස කරනවා .මමත් වාසනාවන්තයි කියලා හිතෙනවා.

රන් ආභරණ පලඳින්න කැමතිද?

කැමතියි. ඉස්සර මගේ ඇඟිලි 10ටම මුතු දාගෙන හිටියා.

නළුවෙක් විදිහට ආඩම්බරයක් හිතට  දැනිලා නැද්ද?

කවදාවත් එහෙම දෙයක් හිතට දැනිලා නැහැ. නමුත් මා රංගධරයකු ලෙස ආදරයක් ගෞරවයක් ලැබෙන හැම වෙලාවකම පෞද්ගලික  මා තෝරාගත් වෘත්තිය ගැන  අප්‍රමාණ සතුටක්  ලැබෙනවා .ඒ හැරෙන්න කිසිදාක වෘත්තීය තුළින්  ආඩම්බරයක්  සිතට  දැනිලා  නැහැ.

රඟපෑම තුළින් ඔබ වඩාත්ම  ජනාදරයට පාත්‍ර වන්නේ?

මා රඟ පෑමට  පිවිසෙන්නේ 1978 වසරේ දී. නමුත් බොහෝ දෙනෙක් මාව හඳුනා ගන්නේ 80 දශකයේ .ගඟ අද්දර, විරාගය, දෙවෙනි ගමන, නැවත හමුවෙමු ,වැනි චිත්‍රපටි රාශියක්  මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ බවට පත් වුණා.
සනත් සබීතා යුගයක් කාලයක් නිර්මාණය වී තිබුණා.ඇතැම් චිත්‍රපටි ප්‍රේක්ෂකයන් මා හිස පීරන විදියට හිස පීරන්න ,මා  ඩෙනිම් කලිසම් අඳින විදිහට   විලාසිතා වලට යොමු වෙන්න  වැඩි කැමැත්තක් දක්වපු බව දැන ගන්න ලැබුණා .

ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

ජීවිතය ගැන ඇත්තටම විග්‍රහ කරන්න අමාරුයි. නමුත් මා නියැලෙන වෘත්තීන්  දෙකේදී මා ලබපු අත්දැකීම් එක්ක වසර සියයකට වඩා  දැනීමක් ලැබුවා කියලා නම් හිතෙනවා.

ජීවිතේ සංවේදී වුණු ම අවස්ථාව?

මගේ අම්මයි තාත්තයි බොහෝම ආදරයෙන් සෙනෙහසින් හිටපු දෙන්නෙක්. මාගේ පියාගේ  මරණ ය මොහොතේදී, මාගේ මෑණියන් දේහය නිවසින් ගෙන යන්න මොහොතකට කලින් පියාගේ හිස පිරි මැද  නළල සිපගෙන  උපදින හැම ආත්මයකදිම” ඔයා මගේම වෙන්න කියලා” කියපු වචන  මගේ හදවතට අදටත් මහ වේදනා බරිත බවක් ගෙන දෙනවා.

උපුටා ගැනීමකි

අසුන්තා එදිරිසූරිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
84
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29