AFC Banner
Empty Ad
Empty Ad

මේ දිනවල දරුවන්ට අනතුරක් වෙන්න පුලුවන්

පවතිව උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් දරුවන් විජලනයට ලක්වීමේ හැකියාව පවතින බැවින් ඔවුන්ට වැඩි වශයෙන් ජලය පානය කිරීමට සැලැස්විය යුතු බව ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය දීපාල් පෙරේරා මහතා,

“ඇඟපත අමාරුව, හිසරදය, දාඩිය බිබිලි දාන එක, මහන්සිය වැඩිකම, ඊට අමතරව හුස්ම ගැනීමේ අපහසුව, වතුර තිබහා වැඩිවීම, මෙවැනි රෝග ලක්ෂණ  කිහිපයක්ම දරුවෝ මේ දවස්වල දෙමාපියන් සමග කියනවා. වෛද්‍යවරු සමගත් කියනවා.  මේකට හේතුවක් විදිහට අපි දකින්නේ විජලනය. මේකට කළ යුත්තේ අපි වැඩිය වතුර බොන්න ඕනේ. වෙනදා එක වතුර බෝතලයක් දරුවෙකුට දීලා පාසල් යැවුවානම් මේ දවස්වල විශේෂයෙන්ම වතුර බෝතල් දෙකක් යවන්න. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?