ගෑස් පාරිභෝගිකයින්ගේ රතු කට්ට පනී

ගෑස් පෝලිම්වල පසුගිය දිනවලට වඩා අඩුවක් මේ වනවිට දක්නට ඇතත් අදත් ඇතැම් ප්‍රදේශවල දීර්ඝ ගෑස් පෝලිම් දැකගත හැකිවුණි. මේ අතර මහනුවර දිස්ත්‍රික් ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමේ මධ්‍යස්ථානයෙන් ගෑස් බෙදාහැරීම නතරකොට අලෙවි නියෝජිතයින් හරහා පමණක් ගෑස් නිකුත් කිරීමට අද පියවර ගෙන තිබීම නිසා එහි නොසන්සුන් තත්ත්වයක් හට ගත්තේය. දින ගණනක් බෙදාහැරීමේ මධ්‍යස්ථානය අසල සිටි ජනතාව මෙලෙස කුපිත වූයේ ඒ පිළිබඳව පෙර දැනුම්දීමක් ද සිදු නොකිරීම හේතුවෙනි.

එහිදී ඇතිවූ ගැටුමෙන් පොලිස් නිලධාරියෙක් ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා තිබුණි. පසුව ගෑස් ලබාදීමට කටයුතු කෙරුණේ පොලීසියේද මැදිහත්වීමෙනි. තවමත් ගෑස් නොලැබුණු බව පවසමින් දර්ගා නගරයේ ජනතාව අද අලුත්ගම – මතුගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත විය. ඇතැම් ප්‍රදේශවලට ගෑස් රැගත් ලොරි රථ පැමිණියත් සිලින්ඩර ප්‍රමාණවත් නොවීමෙන් නොසන්සුන් තත්ත්වයන් ඇතිවී තිබුණි.

කොටගල නගරයේ වැඩි මිලට ගෑස් විකිණූ අලෙවි නියෝජිතයෙකුගේ බලපත්‍රය තාවකාලිකව අවලංගු කිරීමට ලිට්‍රෝ සමාගම ඊයේ පියවර ගත්තේය. මේ අතර තවමත් සම්පූර්ණයෙන්ම නිමා නොවූ ගෑස් අර්බුදය හමුවේ භූමිතෙල් ලබා ගැනීම සඳහා ද අදත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22