ශ්‍රී ලංකාව ගොඩගත හැකි ”එක ම මාර්ගය”

ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය 49% ඉක්මවා ඇතැයි ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා අනාවරණය කර තිබේ.ඔහු පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ උද්ධමනය පසුගිය දෙසැම්බර් මාසයේදී 12.1%ක් බවට ශ්‍රී ලංකා මහ බැංකුව දත්ත ඉදිරිපත් කළ ද, තමන්ගේ ගණනය කිරීම් අනුව එම අගය 49.1%ක් බව ය.

ආර්ථික අර්බුදය සහ මෑතකදී කළ ඉන්ධන මිල ඉහළ දැමීම යන හේතු නිසා ශ්‍රී ලංකාව ගිලෙමින් පවතින බව ඔහු පවසයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා ඇති “එක ම මාර්ගයක්” ද ඔහු යෝජනා කර තිබේ. ඔහු යෝජනා කර ඇත්තේ, මහ බැංකුව වෙනුවට ශ්‍රී ලංකාවේ 1884 සිට 1950 දක්වා කාලය තුළ පැවති පරිදි මුදල් මණ්ඩලයක් (Currency Board) පත් කළ යුතු බවට ය.මුදල් මණ්ඩලයකින් සිදුවනුයේ, රටේ පවතින සංචිත ප්‍රමාණයට සමාන මුදල් ප්‍රමාණයක් නිකුත් කිරීම ය.එමගින් මුදල් මුද්‍රණය කිරීමේදී යම් සීමා පැනවෙයි.ඊට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුව පොළී අනුපාත තීරණය කිරීම වෙනුවට වෙළෙඳ පොළ මුදල් සංසරණය අනුව පොළී අනුපාත තීරණය වනු ඇත.

හොංකොංහි ක්‍රියාත්මක වන්නේ ද, මුදල් මණ්ඩලයකි.ඊට අමතරව, ශ්‍රී ලංකා රුපියල වෙනත් රටක මුදල් වර්ගයක් සමග සම්බන්ධ කර එහි අගය අදාළ රටේ මුදල් වර්ගයට සාපේක්ෂව ඉහළ පහළ යන ක්‍රමවේදයක් සකසන ලෙසට ද මහාචාර්යවරයා උපදෙස් දී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22