වසර 12 ක් තිස්සේ තිබූ ප්‍රේමයේ ගින්නෙන් දැවුණු කටුගස්තොට ඛේදවාචකයේ ඔබ නොදත් කතාව මෙන්න

අනේ… අපි බේරාගන්න කියා කෑ ගහන හඬ අපට ඇසුණා මව බේරා ගත්තත් අනිත් අය නැතිවුණා

දොළොස් වසරක් පුරා පැවැති ප්‍රේම සබඳතාවය අතහැර දැමීම නිසා කෝපයට පත් වූ තරුණයකු කටුගස්තොට මැණික්කුඹුරවත්තේ පිහිටි පෙම්වතියගේ නිවසට ගිනිතබා පෙම්වතිය සහ ඇගේ පියා ඝාතනය කර ඇති අතර ඔහු ද එම ගින්නට ම මැදි වී ජීවිතක්‍ෂයට පත් වී ඇත.

මෙම සිද්ධිය වී ඇත්තේ ඊයේ (24 දා) උදෑසන 6.40ට පමණය.

මෙම ගින්නෙන් පෙම්වතියගේ මව වන රාණිවේළුරාජු නමැති කාන්තාව බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති අතර ඇය මහනුවර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.

මෙම සිද්ධියෙන් මරුමුවට පත්ව ඇත්තේ කටුගස්තොට මැණික්කුඹුර රණවන පාරේ පදිංචි 70 හැවිරිදි මුත්තුතම්බි ඊෂ්වරදේවන්, ඔහුගේ දියණිය වන 30 හැවිරිදි ඊෂ්වරදේවන් චන්‍ද්‍රවාදිනී සහ ඇගේ පෙම්වතා බව පොලිසිය පවසයි.

මෙහිදී ඝාතනයට ලක් වූ චන්‍ද්‍රාවාදිනී වසර 12ක පමණ කාලයක සිට පෙම්වතකු ඇසුරු කර ඇත්තේ විවාහ වන බවට පොරොන්දු ලබාදෙමින්ය.

එහෙත් මීට ටික කලකට උඩදී චන්‍ද්‍රාවාදිනී සිය පෙම්වතා අතහැර ඇති අතර ඔවුන් අතර නිතර නිතර ආරවුල් හටගෙන ඇත.

පේ‍්‍රම සම්බන්ධතාව අතහැර දැමීම නිසා පෙම්වතා දැඩිලෙස කෝපයට පත්ව සිටි අතර ඔහු සිය පෙම්වතියගේ නිවසට නිතර නිතර පැමිණ ආරවුල් ඇතිකර ගෙන තිබිණි.

සිද්ධිය වූ දින උදෑසන පෙම්වතා පෙට‍්‍රල් ගැලූමක් ද රැගෙන මෙම නිවසට පැමිණ තිබේ. චන්‍ද්‍රාවාදිනී සමඟ විවාහ ගිවිස ගැනීමට ඉඩ ලබා නොදුනහොත් සියලූදෙනාම මරා දමන බවට ඔහු තර්ජනය කර තිබේ.

එහිදී චන්‍ද්‍රාවාදිනීගේ පියා සහ මව ද මෙම ආරවුලට පැටලී ඇති අතර පෙම්වතා නිවසේ ඉදිරිපස දොර වසාදමා පෙට‍්‍රල් වත්කර ඊට ගිනි තබා ඇත.

ඒ වන විට නිවසේ ගෑස් කාන්දුවක් ද සිදු වී ඇති අතර ක්‍ෂණයකින් ගින්න පැතිරී ගොස් තිබේ.

මෙම ගින්න හටගැනීමත් සමඟම වහා ක‍්‍රියාත්මක වූ අසල්වාසීන් ගින්න නිවා දැමීමට උත්සාහ කළ ද එය සාර්ථක වී නැත. ගිනි ගනිමින් තිබූ නිවසේ සිටි චන්‍ද්‍රාවාදිනීගේ මව දැඩි පරිශ‍්‍රමයක් දරා බේරාගැනීමට අසල්වාසීන් කටයුතු කර තිබිණි.

ඒ වනවිට ඇය දැඩි පිළිස්සුම් තුවාල සහිතව සිට ඇති අතර මහනුවර රෝහලට යැවීමට කටයුතු කර තිබිණි.

මෙම පවුලේ ජීවිතක්‍ෂයට පත් වූ පියා බුලත්, පුවක් වෙළෙඳාමේ නිරතවී ජීවිකාව සරිකරගත් අයෙකි. එම සිදුවීම පිළිබඳ විමර්ශන කටයුතු කටුගස්තොට පොලිස් ස්ථානයේ වැඩබලන පොලිස් පරීක්‍ෂක හා අපරාධ අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඞී. ජී. කුලසේන මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් සිදුකරනු ලබයි.

අසල්වැසියකු වන ශ‍්‍රියානි වීරසිංහ (වයස අවුරුදු 49) මේ පිළිබඳ අදහස් දක්වමින්,

අපිට උදේම රණ්ඩුවක් වගේ ඇහුණා. අපි ඉතින් ඒක ගණන් ගත්තෙ නෑ. මොකද සාමාන්‍යයෙන් රණ්ඩුවීම් සිදුවෙනවා. ගෙවල් ළඟ ළ`ග තිබෙන නිසා කෑ ගහන සද්දෙ සාමාන්‍ය දෙයක්. පසුව ටික වෙලාවක් ගියාට පස්සේ අනේ අපිව බේරගන්න කියලා කෑ

ගහනවා ඇහුනා. ඒත් එක්කම ලොකු ගින්නක් එකවරම ආවා. ඊට පස්සේ අපි ගමේ අයට කෑගහලා කතා කරලා තමයි ගින්න නිවන්න උත්සාහ කළේ. වැඩක් වුණේ නෑ. පසුව මේ පවුලේ සිටි මව වන රාණිවේළුව බේරගෙන රෝහල් ගත කරන්න හැකි වුණා. දෙන්න අතර පේ‍්‍රම සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. අවුරුදු ගාණක්. මෙහෙ ආවා ගියා. හැබැයි පසුව දෙන්න උරණ වෙලා වගේ තමයි හිටියේ. මොනව වුණාද කියන්න දන්නෙ නැහැ. හැබැයි අපරාදෙ ජීවත තුනක් නැතිවුණා.

තිදෙනාගේ මරණ පරීක්‍ෂණය සිදුකිරීමේ කටයුතු කටුගස්තොට පොලිසිය මගින් සිදුකෙරේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16