මහ බැංකු අධිපති ගැන අප්‍රසාදයක්

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වයට අදාළව කරුණු විමසීම සඳහා රජයේ මුදල් කාරක සභාව හමුවට ඊයේ මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කැඳවා තිබුණත්, ඔවුන් එහි නොපැමිණීම පිළිබඳ කණගාටුව පළ කරන බව කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළා.

ඒ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි.

මහ බැංකු අධිපතිවරයා, එහි උසස් නිලධාරීන්, මුදල් මණ්ඩලයේ සාමාජිකයින්, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් ඊයේ එහි කැඳවා තිබුණා.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගලට ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක් යෙදී ඇති බැවින් සෙසු සාමාජිකයින්ටද කාරක සභාවට සහභාගිවීමට නොහැකි බව දන්වා මහ බැංකුව ලිපියක් එවා තිබෙනවා.

ඊයේ පැවැත් වූ රැස්වීම පසුගිය 21 වැනිදා කැඳවීමට නියමිතව තිබුණත්, එය ඊයේ දිනය දක්වා කල් දමා ඇත්තේද මහ බැංකු නිලධාරීන්ගේ ඉල්ලීම මතයි.

මහ බැංකුවේ මෙම ක්‍රියා කලාපය පාර්ලිමේන්තුවට සිදු කරන අගෞරවයක් බව මුදල් කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබෙනවා.

එහිදී සභාපතිවරයා දැනුම් දී ඇත්තේ ඒ පිළිබඳව සොයා බලන ලෙස කතානායකවරයා වෙත පැමිණිලි කිරීම සුදුසු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09