මල්වතු මහනාහිමි රජයේ කටයුතු ගැන කියූ කතාව

රජය සිදුකරන කටයුතුවල විනිවිදභාවයක් පෙනෙන්නට නැතැයි මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාමියෝ පවසති.

රටේ කොටස් ඉන්දියාව, චීනය, ඇමරිකාව වැනි රටවලට ලබාදෙන බවට විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වන බවද උන්වහන්සේ කීහ. රුසියාව සහ යුක්රේනය ඇතිව තිබෙන ගැටුමට සමාන ගැටුම් ශ‍්‍රී ලංකාවේත් ඇතිවීමේ අවදානමක් පිළිබඳව ද කතා බහක් නිර්මාණය වී ඇතැයි ද උන්වහන්සේ කීහ.

මහනාහිමියන් එසේ පැවසුවේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 සාමාජිකයන් නියෝජනය කරමින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරු ඇතුළු පිරිසක් ඊයේ (24දා) උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය. ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටින මේ අවස්ථාවේ සියලූ පක්ෂ ඒ පිළිබඳව අවධානය යොමුකර කටයුතු කිරීම වැදගත් බවද මහානාහිමි ප‍්‍රකාශ කළහ. මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා මේ රට ඉතා අභාග්‍යසම්පන්න තත්ත්වයකට පත්ව තිබෙන බවත් පවතින තත්ත්වයෙන් ගොඩ ඒම සම්බන්ධව ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කළත් කිසිදු නම්‍යශීලිත්වයක් නොදැක්වීම නිසා රට බේරා ගැනීමේ අරමුණින් පියවර රැුසක් ගත් බවත් පැවසුවේය.

පිට රටවල් සමග අත්සන් කරන ගිවිසුම් පිළිබඳව කැබිනට්ටුව කිසිවක් නොදන්නා බවත් නොයෙක් අංශ වලින් ජනතාව පීඩාවට පත් කිරීම මුදල් ඇමැතිවරයා විසින් හිතාමතා සිදුකරන බවත් කී ඒ මහතා ප‍්‍රශ්න වලින් ජනතාව බැට කද්දී රටේ සම්පත් විකිණීමේ ක‍්‍රියාවලිය රිසි සේ සිදු කිරීම ඔහුගේ අපේක්ෂාව බවද අවධාරණය කළේය.

විශාල මන්ත‍්‍රීවරු සංඛ්‍යාවක් මේ වන විට හවුල්කාර පක්ෂ 11 ගෙන යන වැඩපිළිවෙළ හා සම්බන්ධ වී සිටින බවද ඒ මහතා කීය. මෙම අවස්ථාවට උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරු ද සහභාගි වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09