විදුලිය කැපිල්ල දිගුවෙයි ?

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉකුත් ඉරිදා (20 වැනිදා) සිට යළි සම්පූර්ණයෙන්ම නතර වීමත් සමග තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබාදීම නතර වීම තවදුරටත් සීමා වුවහොත් දිනකට විදුලිය කපන පැය ගණන වැඩි කරන බව ශී‍්‍ර ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඒ අනුව බලාගාර කිහිපයකටම අවශ්‍ය ඉන්ධන නොලැබීම මත ඊයේ (24 වැනිදා) දිනයේ පැය හයයි විනාඩි දහයක් විදුලිය කපා හැරීමට සිදු වූ බව ද සභාපතිවරයා කීවේය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මගින් දැවිතෙල්, නැප්තා මෙන්ම නිපද වූ ඞීසල් සියල්ල ද මේ වනවිට නොලැබෙන අතර මේ නිසා විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබාදීම යළි බරපතළ අර්බුදයකට ගොස් තිබේ.

පැය පහකට පමණ සීමා වී තිබූ දෛනික විදුලි කප්පාදුව ඊයේ (24 වැනිදා) සිට පැය හයයි විනාඩි 10 ක් දක්වා දික් කළ අතර අද (25 වැනිදා) සිට එය තවත් දිගු විය හැකි බව විදුලි ඉංජිනේරුවරු ද කියා සිටියහ.

සපුගස්කන්ද පිරිපහදුවෙන් සියයට 60 ක්ම නිපදවූයේ දැවිතෙල් වන අතර මේ මොහොතේ එම පිරිපහදුවෙන් නිපදවන දැවිතෙල් තිබුණේ නම් බලාගාරවලට ලබාගත හැකිව තිබිණි. කෙරවලපිටිය ද්විත්ව චකී‍්‍රය බලාගාරය (මෙ. වො. 300), වරායේ බාච් බලාගාරය (මෙ. වො. 60), සපුගස්කන්ද බලාගාරය (මෙ. වො. 160), කැලණිතිස්ස මෙ. වො. (165) යන බලාගාරවලට ඉන්ධන නොමැතිවීම නිසා විදුලි අර්බුදය උග‍්‍ර අතට හැරෙමින් තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැතිවරණයට මුහුණ දෙන්න ආණ්ඩුව බයයි
02:21
Video thumbnail
ජවිපෙ මුළු රටම ගිනි තිබ්බා - 6661 දෙනෙක්ව ඝා#නය කළා
18:03
Video thumbnail
නීතිය ක්‍රියාත්මක කරන ආයතනම නීතිය ක්‍රියාත්මක නොකරන තැනට ඇවිත් - පුරුද්ද නීතියට උඩින් ගිහිල්ලා
02:47
Video thumbnail
සංඝයාට නරක විදියට මඩ ග#හන දැවැන්ත මඩ ප්‍රහාරයක් යනවා - දිඹුලාගල රාහුලාලංකාර නාහිමිට යකා නගියි
03:19
Video thumbnail
එක කෝල් එකෙන් ප්‍රශ්නේ විසඳපු ඇමති හදුන්නෙත්ති - බස් දුවද්දි තර්ජන තියෙනවද ?
07:32
Video thumbnail
නාමල්ගේ වේදිකාවේ ඇත්තටම වුණ දේ සංජීව හෙළිකරයි
03:05
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය - අපිට මේ දිනවල දානය ලැබෙන්නේ නෑ
04:45
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුවට කටඋත්තර නැතිවෙන්නම දෙයි
13:41
Video thumbnail
අනුරගේ පුනරුද ආණ්ඩුව යන්නේ රිවර්ස් එකට - ලාල්, වසන්ත JVP ආණ්ඩුවට ඉන්දියාවට පාවා දෙනවා
04:59
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට ජී.එල් උත්තර දෙයි
04:49