පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරෙයි

කඩවත පොලිස් වසමේ කොළඹ මහනුවර මාර්ගයේ මහර 09 කණුව අසල දී වෙඩි තැබීමකින් සිදු කළ ඝාතනයක් පිළිබඳ වාර්තා වනවා.

ඊයේ (24) දින මෙම සිද්ධිය සිදු වී ඇති අතර, යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුදගලයන් දෙදෙනෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා තිබෙනවා.

වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති අතර, තුවාලකරුවන් පළමුව කිරිබත්ගොඩ රෝහලට හා පසු ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මිය ගිය බව යි සඳහන් වන්නේ.

මරණකරුවන් වයස අවුරුදු 30 හා 31 වයස්වල පසුවන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් මත සිදු වූ දෙයක් ලෙසට යි පොලිසිය සැක කරනු ලබන්නේ.

වැඩිදුර විමර්ශන කටයුතු කඩවත පොලිසිය විසින් සිදු කෙරෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16