කඩවත පොලිස් වසමේ කොළඹ මහනුවර මාර්ගයේ මහර 09 කණුව අසල දී වෙඩි තැබීමකින් සිදු කළ ඝාතනයක් පිළිබඳ වාර්තා වනවා.
ඊයේ (24) දින මෙම සිද්ධිය සිදු වී ඇති අතර, යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුදගලයන් දෙදෙනෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා තිබෙනවා.
වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති අතර, තුවාලකරුවන් පළමුව කිරිබත්ගොඩ රෝහලට හා පසු ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මිය ගිය බව යි සඳහන් වන්නේ.
මරණකරුවන් වයස අවුරුදු 30 හා 31 වයස්වල පසුවන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් මත සිදු වූ දෙයක් ලෙසට යි පොලිසිය සැක කරනු ලබන්නේ.
වැඩිදුර විමර්ශන කටයුතු කඩවත පොලිසිය විසින් සිදු කෙරෙනු ඇති.





