අරාබි රටවල් තුනක් මගේ ආණ්ඩුවකට තෙල් දෙන්න පොරොන්දු වුනා

පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස සජිත් ප්‍රේමදාස මහතාට මැදපෙරදිග රටවල් තුනකින් ලබා දෙන බවට පොරොන්දු වූ ඉන්ධන ගෙන්වීමට කටයුතු කරන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔහුගෙන් ඉල්ලීමක් කළේය.

එසේ කරන්නේ නම් මේ මොහොතේ ජනතාව විපක්ෂ නායකවරයාට විශාල ගෞරවයක් දක්වනු ඇතැයි ද හෙතෙම පැවසීය.

නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් විපක්ෂනායකවරයා කියා සිටියේ එම රටවල් ගණුදෙනු කිරීමට කැමති තම ආණ්ඩුවක් සමග බවත් වඳ කොත්තු වඳ සැත්කම් ගැන කියමින් ජාතිවාදය වපුරන ආණ්ඩුවක් සමග ගණුදෙනු කරන්නට එම රටවල් කැමති නැති බවත්ය.

රාජතාන්ත්‍රික ගනුදෙනු සිද්ධවන්නේ රජයක් සහ රජයක් අතර බවත් එසේ නැතුව රජයක් සහ විපක්ෂයක් අතර නොවන බවත් ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේදී විවාදයක් අතරතුර ඔවුන් අතර මෙම අදහස් හුවමාරුව ඇති විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?