මිලියන 32ක මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී රුපියල් මිලියන 32කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් රේගුව විසින් සොයාගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසුවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිළධාරින් විසින් මධ්‍යම තැපැල් හුවමාරුවේ සිදුකළ වැටලීමකදී එම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බවය.

බ්‍රිතාන්‍ය, කැනඩාව සහ ජර්මනිය යන රටවල සිට කොළඹ, ගම්පහ සහ නුවර යන දිස්ත්‍රික්කවල පදිංචි පුද්ගලයින් වෙත එවා තිබූ සැකසහිත පාර්සල් කිහිපයක් පරීක්ෂා කිරමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුව ඇත.

එම පාර්සල් තුළ තිබී කූෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 590ක් සහ මත්පෙති 601ක් සොයා ගෙන ඇති බව සුදත්ත සිල්වා මහතා සදහන් කළේය.

පසුව සිදුකළ විමර්ශනයකදී එම පාර්සල් එවා ඇති ලිපිනයන් ව්‍යාජ ඒවා බවට තහවුරු වී ඇති බවද වාර්තා වෙයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ එම මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදුන් බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?