ඇමති ගාමිණී ලොකුගේ ගේ රියදුරාගේ මරණයට සම්බන්ධ එකම පවුලේ සිව්දෙනාට අත්වුණු ඉරණම මෙන්න

බල ශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ආරක්ෂක රථයේ රියදුරු තියුණු ආයුධයකින් ඇන පහර දී ඝාතනය කිරීමට සම්බන්ධ එකම පවුලේ සිව් දෙනා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 5 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් වූයේ පිළියන්දල මාවිත්තර ගම්මාන – පාර පදිංචිව සිටි යුද හමුදාවේ විශ්‍රාමික කිමිදුම් සෙබල තනියප්පුලිගේ නන්දන තුෂාන්ත පිරිස් (52) ( පියා ) , තෙල් ගේ නිරෝෂණී රූපිකා පිරිස් ( මව) (46) ඔවුන් දෙපළගේ පුතුන් දෙදෙනා වන තනියප්පුලිගේ නිරෝෂ් නිලුපුල් පිරිස් (21) හා යුද හමුදා විශේෂ කාර්ය බලකායේ සේවය අත්හැර ගිය තනියප්පුලිගේ සමීර සම්පත් පීරිස් නොහොත් බොක්සර් (25) නැමැති එකම පවුලේ සිව් දෙනාය .

රිමාන්ඩ් භාරයට පත් සැකකාර නිරෝෂ් නිලුපුල් පිරිස් නැමැත්තා ඉකුත් 21 වෙනි දින ගම්මාන වත්ත පාර ප්‍රදේශයේ අධික වේගයෙන් යතුරු පැදිය ධාවනය කිරීම සම්බන්ධව ඝාතනයට ලක්වූ මාවිත්තර ගම්මාන වත්ත පාර පදිංචිව සිටි කණිෂ්ක ගයාන් (41) දෙදරු පියා විසින් 21 හැවිරිදි සැකකරුට සෙමෙන් යතුරුපැදිය ධාවනය කරන ලෙස පැවසීම මුල්කරගෙන ඇති වූ කතා බහක් දුරදිග යාමෙන් අනතුරුව යතුරුපැදිකරුගේ පවුලේ අය තියුණු ආයුධ හා පොලු රැගෙන පැමිණ මරණකරුට පහරදී බරපතළ තුවාල සිදුකර පලාගොස් තිබූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.

බරපතළ තුවාල ලද පුද්ගලයා පිලියන්දල දිසා රෝහලට ඇතුළත් කරන විට මියගොස් තිබූ බව පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දැන්වීය.

සැකකරුවන් සිව්දෙනා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙයිවල , කළුබෝවිල ගල්කිස්ස හා මාවිත්තර ප්‍රදේශ වලිනි

අපරාධය සඳහා යොදාගත් සුදු යකඩ කඩුවක් ,අපරාධ සිදු කිරීම සඳහා යොදාගත් පිහිය සහ බිඳී ගිය වීදුරු බෝතලයක කොටස් ද පොලීසිය අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක නීල් ප්‍රියන්ත මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් හා සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කළහ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03