AFC Banner
Empty Ad
Empty Ad

තෙල් මිල අඩු කරන්න ඇමති සූදානම්…

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවෙමින් පවතින බැවින් ඉදිරියේදී මෙරට ද ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කිරීමට හැකියාවක් ලැබිය හැකි බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකට පිළිතරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“තෙල් මිල අඩුවෙලා නෑ. තෙල් මිල වැඩි කිරීමේදී අපි ගණනය කළේ පෙබරවාරි මිල ගණන්. මාර්තු මාසයේ තමයි බැරල් එකක් මිල ‌ඩොලර් 130 දක්වා වැඩි වුණේ. යුද්ධය නිසා. දැන් ඒක 98ට බැහැලා තියෙනවා.”

“නමුත් ඉදිරියේදී තෙල් මිල විශාල වශයෙන් අඩු වුණොත් අපි එය අඩු කරන්න ලෑස්තියි.”

“මේ මාසේ අවසන් වෙනකොට බොර තෙල් ලංකාවට ගෙන්වා ගැනීමට සාකච්ඡා කරගෙන යනවා. ටොන් 90,000ක නැවක් දෙකක් ගෙන්වා ගන්න පුළුවන් වෙයි. සිංහල අලුත් අවුරුද්දට තදබල තෙල් හිඟයක් ඇතිවෙන්නෙ නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?