ඉන්දියාවෙන් සල්ලි ගන්න ගහපු ගිවිසුම් රටට හෙළි කරන්න

ඉන්දියන් සාගරයේ නාවික ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම් 3ක් පිළිබඳව වහා ම ජනතාවට හා පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

උන් වහන්සේ මේ ඉල්ලීම කර ඇත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමිනි.

උන් වහන්සේ සඳහන් කර ඇත්තේ, අදාළ ගිවිසුම් අත්සන් කරන බවට ඉන්දියාවේ හින්දුස්ථාන් පුවත්පත කරුණු අනාවරණ කර ඇති බව ය.

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ණයක් වශයෙන් ලබා ගැනීමේදී අත්සන් කරන ලද ගිවිසුම මෙතෙක් රටට අනාවරණ කර නොමැති බව උන් වහන්සේ පෙන්වා දෙති.

මේ අතර, ශ්‍රී ලංකාව හා චීනය අතර හිටි හැටියේ වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර ඇති බව ත්, මුදල් සොච්චමක් වෙනුවෙන් උතුරු නැගෙනහිර හා රටේ වෙනත් පළාත්වල තිබෙන ජාතික සම්පත් කොල්ල කෑමට හෝ පාවා දීමට මග පාදන ඕනෑ ම කුමන්ත්‍රණයකට හෝ සැලැස්මකට එරෙහිව නැගී සිටීමට තමන් සුදානම් බව ත් එම ලිපියෙහි සඳහන් කර තිබේ.

අදාළ ලිපිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?