මැතිවරණයක් තිබ්බොත් අපි හේදිලාම යනවා – රොෂාන් රණසිංහ

මේ මොහතේ ජනතාව ඉන්නේ ආණ්ඩුව කෙරෙහි කලකිරිලා. ඒ වගේම වේදනාවෙන් ඉන්නේ. මැතිවරණයක් තිබ්බොත් අපි හේදිලාම යනවා යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා එසේ පැවසුයේ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ ජාතික ලොතරැයි මණ්ඩල අලෙවිකරුවන් සඳහා ගිරිතලේ හෝටලයකදී පැවැති සුහද හමුවකට සහභාගි වෙමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. අද පාරිභෝගිකයාට බඩු මිල වැඩියි. සිමෙන්ති වලින් හාඩ්වෙයාර් මුදලාලිලා අසීමිත ලෙස ජනතාව ගසා කනවා. ගෑස් වල හිඟකමට වඩා ගෑස් හංගලා කළු කඩ කාරයෝ අසීමිත ලෙස මුදල් උපයනවා. මේකට අවුරුදු 70 ක පාලනය තුල අවුරුදු 18 ක 20 ක පාලනය හැර ඉතුරු කාලය තුළ ගන්නා ලද තීන්දු තීරණ බලපෑව.

කොවිඩ් හැදිලා එන්නත ලබා දුන්නා. ආර්ථික වශයෙන් වැටිලා සිටින විට රුපියල් 5000 දීමනාව ලබා දුන්නා. ඉතා හොඳින් අපි අණ්ඩුව කළමණාකරණය කරගෙන ආවත් යම් තැනක අපිට වැරදිලා තියෙනවා. අපි එම වැරැද්ද හදා ගත යුතුයි. මෙයින් වාසි ලබා ගැනීමට මේ රට අවුරුදු 05 කට විනාශයට ඇද දමන ලද විපක්ෂය අද උත්සහ දරනවා.

2015 සිට 2019 දක්වා ණය ප්‍රමාණය  රුපියල් බිලියන 7000 ක සිට රුපියල් බිලියන14000 ක දක්වා වැඩිකිරීම, මහ බැංකු මංකොල්ලය, පාස්කු ප්‍රහාරය යන මේ සියල්ලම අද මේ තත්ත්වයට හේතු වුණා. 
නායකයින් තොරතුරු ලබා දෙනවිට සත්‍ය තොරතුරු ජනතාවට ලබා දිය යුතුයි. අපි සත්‍ය තත්ත්වය කීමට පැකිළෙන්නෙ නැහැ.

අද ගොවි ජනතාව කාබනික පොහොර වගාව හොඳයි කියනවා. අද තිබෙන ඩොලර් අර්බුදය මැද වුවද, යල කන්නයේදී ගොවි ජනතාව රැක ගැනීමට හොඳ වැඩපිළිවෙළක් ගෙන ඒමට අපි යොමු විය යුතුයි. 
මේ ආණ්ඩුව බලයට ගෙන එන්නට ජනතාව වැඩ කලේ මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි අසීමිත ලෙස විශ්වාස කරලා. එතුමා ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාව පත් කලා. ලෝක ඉතිහාසයේ කිසිම තැනක නැහැ ජනාධිපතිවරයා සිටින දිස්ත්‍රික්කය පාරජය කරන ලද රටක්. පළමුවැනි වතාවට අපි එය පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී කලා.

අද ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි කළකිරිලා හා වේදනාවෙන් ඉන්නේ. මැතිවරණයක් තිබ්බොත් අපි හේදිලා යන්නේ. මේක වෙනස් කරන්න පුළුවන්. ජනතාව දුන්න වරමින් ජනතාවට කරුණු හා සත්‍යය අවබෝධ කරල දීල. අපිට තවත් කාලය තිබෙනවා මේ රට ගොඩ දමන්නට. ඒ සඳහා දක්ෂ පුද්ගලයින් අපේ අණ්ඩුවේ ඉන්නවා. 
අපේ ප්‍රධානම බැදීම තිබෙන්නේ ජනතාව සමඟයි. ඔබ පත් කරන ලද මේ රජය කෙරෙහි විශ්වාසය තබලා කටයුතු කරන්න.  ඔබත් සමඟ අපි ඉන්නවා. ඔබට සාධාරණය කරන්න අපට හැකිවෙනවා කියන  විශ්වාසය තබා ගන්න යැයි සඳහන් කළේය. 

  1. දැන් රට කොච්චර නය කරලද මේ ආන්ඩුව. ඔය ගනනයන් හරියට බැලුවොත් රුපිය කෝටි 22000ක් විතර නය කරල තියෙන්නෙ.
    ඒ විතරක් නෙමෙයි යහපාලන රජය ඩොලර් බිලියන 7ක් යනකොට ඉතිරිකරල ගියෙ බාන්ඩාගාරයේ දැන් ඒක ඩොලර් බිලියන් බාගෙට විතර අඩුවෙලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01