ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මේ වන විට සලකා බලමින් සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපතිවරයා බරපතළ අර්බුදයකදී පලා යන පුද්ගලයකු නොවන බවත් ජාතිය මුහුණ දී සිටින විවිධ ගැටලුවලට විසඳුම් සෙවීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය මේ වන විට යොමු වී ඇති බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පැවසුවේය.
රට තවදුරටත් අස්ථාවර කිරීම සඳහා ඇතැම් පිරිස් විසින් කටකතා පතුරවන බව ජනාධිපති මධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සළකා බලන බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වීමත් සමග කිංස්ලි රත්නායක මහතා මෙම ප්‍රකාශය සිදු කර තිබේ.














😂😂😂😂😂😂😂
It will be a wise decision if you decide to resign because if not, you will be arrested. Similar to SADDAM HUSAIN.
කාටද දෙදෙන්නේ සජිත්ටටදවියරයි
#GoHomeGota2022