මාල දිවයිනේ ජල ක්‍රිඩා ගැන නාමල් ඇත්ත හෙලි කරයි

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මාලදිවයිනේ කළ සංචාරයකදී ජල ක්‍රීඩා කරන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් මේ දිනවල සමාජ ජාල වල හුවමාරු වෙමින් පවතී.

ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ එම පින්තූර මීට කලකට පෙර සිදු කල සංචාරයක දී ගත් ඒවා බවයි.

එරට ජනාධිපතිවරයාද සහභාගී වූ ක්‍රීඩා සම්මාන උළෙලකට එරට ආරාධනයෙන් තමන් සහභාගි වූ බව ද ඔහු පැවසීය.

අදාළ සංචාරය සඳහා ශ්‍රී ලංකා රජයෙන් කිසිදු වියදමක් සිදු නොවූ බව ද හෙතෙම පැවසීය.

එම පින්තූර සහ වීඩියෝ කිසිවකු විසින් මෑත කාලයේදී නැවතත් සමාජ ජාල වලට එක් කර ඇති බව ද ඔහු තව දුරටත් පැවසීය.

සමාජ මාධ්‍ය තුල හුවමාරු වූ එම වීඩියෝව

https://youtu.be/yhrJDKyya7I
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?