කිරිපිටි මිල යළි ඉහළ ට

ආනයනික කිරිපිටි මිල නැවතත් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් අද (19) තීරණය කළේය.

ඊට හේතුවී ඇත්තේ ලෝක වෙළෙඳපොළ තුළ කිරිපිටි මිල ඉහළයාම හා ඩොලරයේ අගය ඉහළයාම බව වාර්තා වෙයි.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250කින් මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 790කි.

අදාළ මිල ගණන් අද සිට ක්‍රියාත්මක වෙයි.

මේ අතර මෙරට ඉල්ලුමට අවශ්‍ය කිරිපිටි ආනයනය කිරීමට මේ වන විටත් හැකියාවක් නොමැති බව ආනයනකරුවන් පවසයි.

ණයවර ලිපි විවෘත කිරිමේ දුෂ්කරතා හේතුවෙන් ඉල්ලුමට අවශ්‍ය කිරිපිටි ආනයනය කිරීමට හැකියාවත් නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?