ගෑස් පටවා ගත් ත්‍රීරෝද රථයට පිරිසක් කඩාපනී

මුතුරාජවෙල පිහිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ බෙදාහැරීමේ පර්යන්තයේ සිට රට පුරා ගෑස් බෙදාහැරීම මේ වනවිට සිදුකෙරෙමින් පවතී.

නමුත් නියමිත ක්‍රමවේදයෙන් බැහැරව ගෑස් මිලදී ගැනීමට ඇතැමුන් උත්සාහ කිරීම නිසා බොහෝ ස්ථානවල නොසන්සුන්කාරී තත්ත්වයන් හටගත් බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කරයි.

කෙළවරපිටිය, මුතුරාජවෙල පිහිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ බෙදාහැරීමේ පර්යන්තයේදී ඊයේ රාත්‍රී 9 පමණ වනතෙක් ගෑස් බෙදාහැරීම සිදුවූ අතර යළි එය අද පෙරවරු 8ට ආරම්භ කෙරුණි.

කෙසේවෙතත් වෙළෙඳපොළ තුළ පවතින ගෑස් හිඟය හමුවේ ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා අදත් ජනතාව පෝලිම්වල රැඳී සිටින ආකාරය දක්නට ලැබුණි.

මේ අතර ගාල්ල නගරයේත් දිගු ගෑස් පෝලිම් දක්නට ලැබුණු අතර අද උදෑසන ගෑස් රැගත් ලොරියක් එහි පැමිණ තිබුණි.

ඒ අතරවාරයේ එම ස්ථානයට පැමිණි ත්‍රිරෝද රථයක් ලොරි රථයෙන්ම ගෑස් සිලින්ඩර 10කට ආසන්න සංඛ්‍යාවක් පටවා ගැනීමත් සමග පෝලිම්වල රැඳී සිටි ජනතාව නොසන්සුන් විය.

අවසානයේ එල්ල වූ විරෝධය හමුවේ ත්‍රිරෝද රථයට පටවාගත් ගෑස් සිලින්ඩර යළි පිටතට ගැනුණි.

ත්‍රීරෝද රථය වටකර ගත් පිරිස් එහි තිබූ ගෑස් සිලින්ඩර බලහත්කාරයෙන් පිටතට ඇද දැමීමට කටයුතු කළේය.

මේ අතර බණ්ඩාරවෙල නගරයටත් අද පෙරවරුවේ ගෑස් රැගත් ලොරි රථයක් පැමිණ තිබුණි.

නමුත් ගෑස් අලෙවි නියෝජිතයින් නිකුත් කරන්නේ සීමිත සිලින්ඩර ප්‍රමාණයක් බවට පාරිභෝගිකයින් චෝදනා කළේය.

පසුව පොලීසිය මැදිහත්වී අලෙවි නියෝජිතයින් සතුව තිබුණු ගෑස් සිලින්ඩර පාරිභෝගිකයින්ට ලබාදීමට පියවර ගත්තේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36