අද වනවිට රටේ ජනතාව ඉතාම අසීරු තත්වයකට පත්ව ඇති බව තමන් ඇතුලු ආණ්ඩුව පිළිගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
ඒ හේතුවෙන් ජනතාවට සහන සැලසීම සදහා අවශ්‍ය සෑම පියවරක්ම ආණ්ඩුව විසින් ගනිමින් සිටින බවයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ.
කොළොන්න නවනැලිය ශ්‍රී බෝදිරුක්ඛාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෙත්යෙයේ කොත නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙම අදහස් පළ කලා.














අගමැති තුමා ආන්ඩුවේ කොයිතරම් ලොකු කණ්ඩායමක් ඉන්නවාද ඇයි මේ එකෙක්වත් 2015 රට යහාපාලනයට බාරදෙනකොට තිබුණු ආර්ථික මටිටම හා ඔබ තුමා නැවත මේ ආණ්ඩුව බාරගන්නකොට තිබුණු තත්වය ජනතාවට පැහැදිලි කරන්න1994 රනිල් ඇනගත්තෙත් මේ වගේ කට වහාගෙන ඉඳලා ඉන්න ඇමතිවරුන්ට කියන්න හරියට පොයින්ටි එකට කතාකරලා ජනතාව දැනුවත් කරලා වැඩකරන්න කියලා නැතිනම් ඉතිං රට වෙනුවෙන් වැඩකරන්න කියලා ඡන්දය දුන් 69 ලක්සේම කෙලවෙයි
අසීමිත ලෙස රජයේ රස්සා වලට හෙන්චයියො දාල, කිසිම වටිනාකමක් නැති වියාප්‍රති කරල එව්වගෙන් ගසා කාල රටත් මහ ජනතාවත් නය උගුලක හිර කලේ මේ මිනිහ තමයි. බොරුනම් බලන්න 2010 -2014 කොච්චර නය අරගන තියෙනවද කියල. අනික තමයි පුහු ආටෝපෙ අර ගිය ආන්ඩුවෙන් 90% ඉවරකරල තිබ්බ කැලනි පාලම, එතකොට මද්යම අදිවේගී මාර්ගය එහෙම මෙයාල විවුර්ත කලේ ලොකු උස්සව තියෙල එව්වට කොච්චර සල්ලි නාස්තිවෙන්න ඇත්ද?. මුන් තනිකරම කරන්නෙ ගසා කෑම. අන්තිමට ප්‍රබාකරන්ටවත් බන්කොලොත් කරන්න බැරි වෙච්ච රටක් රාජපක්ශල එකතුවෙලා බන්කොලොත් කලා. අන්තිමට මිනිස්සුන්ට කන්නත් නෑ. බොන්න බේත් නෑ.