වීල්ස් කුසලානය දිනා අදට වසර 26යි

ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගැනීමේ 26 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.

1996 වසරේ පැවති “විල්ස්” ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත්කරමින් අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේදී ඓතිහාසික විජයග්‍රහණය වාර්තා කළා.

එදා සිට මේ දක්වා පැවති එක්දින ලෝක කුසලාන තරඟාවලි කිහිපයකදී අවසන් මහා තරඟ කිහිපයකට සුදුසුකම් ලැබුවද එක්දින ලෝක කුසලානයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවී නැහැ.

මේ අතර 1996 ලෝක කුසලාන අවසන් මහා තරඟය පැවති ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගනයේ නම වසර 50 කට පමණ පසු වෙනස් කිරීමට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රමේෂ් රාජා ප්‍රකාශ කර ඇත්තේ නව අනුග්‍රහකයෙකු ඉදිරිපත්වූ පසු ක්‍රීඩාංගනයේ නම වෙනස් කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43