මම දැන් වෙනදාට වඩා දරුණුයි

පූජා අපට හමුවන්නේ ‘නීල පබළු’ ටෙලිනාට්‍ය හරහා. ඇය ඒ චරිතයට කළ උපරිම සාදාරණත්වය වෙනුවෙන් ජනප්‍රිය නිළියට හිමි සම්මානයද සතුටු කඳුළින් ලබාගත්ත කාලයකුත් තිබුණා. ඇය මේ වන විට චරිතාංග රංගන ශිල්පිනියක් ලෙසට විවිධ චරිත නිරූපණය කරමින් ඉන්න අතරතුර, කාලෙකට පස්සේ නයෝමි තක්ෂිලා සමඟ අප කතා කළා.

* නයෝමි නැවත පාසල් යන්න පටන් අරගෙන වගෙයි?
චනික පෙරේරා අධ්‍යක්ෂණය කරන ‘අපේ අම්මා’ ටෙලි නාට්‍යයේ මම පාසල් ශිෂ්‍යා-වකගේ චරිතයක් රඟපානවා. ඒ චරිතය මට වෙනස්ම අත්දැකීමක් වුණා. සුදු ගවුම ඇඳගෙන රඟපානකොට මම ගතකරපු ඒ සොඳුරු පාසල් කාලය නැවැත මතක් වුණා.
* ‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කරන පූජා චරිතය වෙනුවෙන් හොඳ ප්‍රතිචාරයක් නැහැ නේද?
‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ පූජා චරිතය මට ආභරණයක් වුණා. ඒ චරිතය වෙනුවෙන් ජනප්‍රිය නිළිය සම්මානයද මට ලැබුණා. මගේ ආදරණීය රසික රසිකාවියන් එවැනි ප්‍රතිචාර දක්වන එක මට සතුටක්. නීල පබළු ටෙලිනාට්‍යයේ කතාව දැන් ගොඩක් වෙනස් අතකට හැරිලා තියෙන්නේ. ඒ නිසාම පූජා දැන් වෙනදාට වඩා දරුණු වෙලා තියෙන්නේ.
* මෙගා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙලා කටයුතු කරන නිසා නයෝමි කාර්යබහුල වෙලා නේද?
එහෙම නැහැ. ‘නීල බපළු’ සමඟ පූර්ණකාලීනව එකදිගට අවුරුදු දෙකක් විතර වැඩ කළා. එයට සමබන්ධ වෙන ගමන් අනිකුත් නිර්මාණවලට ප්‍රශ්නයක් නොවන විදියට සම්බන්ධ වෙනවා.
* වතුර පෙවිලා ගොඩට ආපු සොඳුරු කාලයකුත් ඔය අතර තිබුණා නේද?
‘රන්තිලි වැව’ ටෙලිනාට්‍ය රූගත කිරීම් අතරතුර තමයි ඔය ප්‍රශ්නයට මුහුණපෑවේ. චමීර අයියා වැව මැදට බෝට්ටුවේ ආවා. අවසානයේ බෝට්ටුව පෙරළුණා. චමීර අයියගේ කකුලෙ කෙන්ද පෙරළුණා නිසා වැව පතුලේ අඩිය තියාගන්න බැරි වුණා. අවසානයේ සියලුමදෙනාගේ උදව්වත් එක්ක අපි දෙන්නා ගොඩට ආවා.
* ඔබ චමීරත් සමඟ පෙම්වතුන් ලෙසට නිර්මාණ කිහිපයක රඟපානවා. මෙහි අපි නොදන්න කතාවකුත් තියෙනවද?
එහෙම විශේෂ කතාවක් නැහැ. හැබැයි චමීරත් සමඟ මම නිර්මාණ කිහිපයක ප්‍රධාන චරිත නිරූපණය කළා. තවත් නිර්මාණ දෙකකට ආරාධනා කළා. මට හිතෙන්නේ අපි දෙන්නා චරිතය වෙනුවෙන් මහන්සිය නොබලා ගොඩක් කැපවෙලා චරිතයට සාධාරණයක් කරන නිසා වෙන්න ඇති අපි දෙන්නාටම එකට රඟපෑමට ආරාධනා කරන්නේ.
* මේ වසරේ ඔබත් විවාහ වෙන බව ආරංචියි?
අපෝ තවම එහෙම හිතලා නැහැ.
* ඒ කියන්නේ තවම ආදරයට කෝඩුකාරද?
නැහැ. මම දැන් පෙම්වතියක්. හැබැයි අපි දැන්ම බඳින්න හිතලා නැහැ. තව ටික කාලයක් මෙහෙම ආදරය කරගෙන යනවා.
* නයෝමිටත් කාලෙන් කාලෙට ගොසිප් මැවෙනවා නේද?
එහෙම දරුණුවට ගොසිප් හැදිලා නැහැ. ගොසිප් හැදුණත් මට ප්‍රශ්නයකුත් නැහැ. ඔය දේවල් සාමාන්‍ය දෙයක්. බොරු මවලා ගොසිප් මවනවා. ඕවා ගැන මම හොයන්නේ නැහැ. මම ගණන් ගන්නෙත් නැහැ. ඔය හැමදේම දැනගෙන තමයි මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33