රැකියාවක් නැද්ද ? මෙන්න ඔබට රැකියාවක් ගන්න අවස්ථාවක්

2017-2019 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2017 – 2019 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන් ට සහ පෙර වර්ෂවල ඌන සාමර්ථ්‍යලාභීන්ට ඒ සඳහා අවස්ථාව උදාවෙයි

ඔවුන්ගේ තොරතුරු රැස් කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිතය.

අදාළ පත්වීම් ලබාදීම සඳහා වන තොරතුරු රැස් කිරීම 2022.03.17 දින පස්වරු 12.00 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කෙරෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ncoe.moe.gov.lk වෙබ් අඩවියට පිවිස 2022.03.25 දින පස්වරු 2.00 ට පෙර මාර්ගගත ක්‍රමය ඔස්සේ එහි සඳහන් උපදෙස් පරිදි අයදුම්පත් සම්පූර්ණ කර යොමු කළ හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?