බැසිල්ට යළි නොතීසි

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ මුදල් අමාත්‍ය ධුරය දැරීමට නීතිමය සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් මැයි මස 12 වනදා කරුණු දක්වන ලෙස දන්වා එහි පළමුවන වග උත්තරකරු ලෙස නම් කර සිටින අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත අභියාචනාධිකරණය යළි නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ නොතීසි වග උත්තර කාර බැසිල් රාජපක්ෂ මහතා වෙත භාර දී ඇති බව සඳහන් කළා.

එහෙත් මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෝ ඔහු වෙනුවෙන් නීතිඥ වරයෙකු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා වෙත යළි නොතිසි නිකුත් කිරීමට නියෝග කළ විනිසුරුවරයා නඩුව යලි මැයි මස 12 වනදා කැඳවන ලෙස නියෝග කළා.

පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ බරපතළ වංචා පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම ඉකුත් ජනවාරි මස 12 වනදා අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ද්විත්ව පුරවැසියෙකු වශයෙන් බැසිල් රාජපක්ෂ මහතාට මෙරට පුරවැසි පනත යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බව තර්ක කර තිබුණා.

බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසියෙකු වශයෙන් ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ වරයා එම දිවුරුම ප්‍රකාරව ඇමරිකාව වෙනුවෙන් ඕනෑම රටකට එරෙහිව අවි දැරීමට පවා ඔහු බැදී සිටින බව ද සඳහන් කළා.

එවැනි පුද්ගලයෙකු මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කල ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ඇමරිකානු පුරවැසියෙකුට මෙරට පුරවැසි පනතට අනුව ධුරයක් දැරීමට නීතිමය සුදුසුකමක් නොමැති බවත් තර්ක කළා.

ඒ අනුව මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු මෙන්ම අමාත්‍ය වරයෙකු වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා දී ඇති දිවුරුම නීතියට පටහැනි බවත් ඔහු සඳහන් කළා.

එදින නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය මගින් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට මෙරට රජයේ ධුර දැරීමට 19 වන සංශෝධනය මගින් පනවා තිබූ බාධාව ඉවත් කර තිබෙන බව ද පෙන්වා දී තිබුණා.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා චන්දය ප්‍රකාශ කිරීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සමෙන් ඉල්ලා තිබුණා.

එවැනි නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණේ.

ඒ අනුව මෙම පෙත්සම තුළ ප්‍රමානවත් නීතිමය පදනමක් නොමැති බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය වරයා වශයෙන් පත් කර තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය ප්‍රකාරව මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එදින සඳහන් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40