ලංකාවට විශේෂ සහයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය එකඟ වී තිබෙනවා.

මෙරට ආර්ථිකය මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සොයා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නුදුරු දිනකදී අමරිකාවේ – වොෂින්ටන් ඩී.සී වෙත යෑමට නියමිත බවයි පසුගියදා මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඊයේ (14) දිනයේ දී මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ චැන්යොං – රී, මුදල් අමාත්‍යවරයා සහ භාණ්ඩාගර ලේකම් එස්.ආර්.ආටිගල හමුවී සාකච්ඡා කෙරුණු අතර, දැනට ලක් රජය මෑතකාලීන ව අත්පත් කරගත් ආර්ථික සාර්ථකත්වය ගැන ද කතාබහට ලක් කෙරුණා.

අද (15) දිනයේ දී මෙම ඉහළ පෙළේ නිලධාරියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිතයි.

ඔහු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල ද මුණගැසී ඇති බවයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළේ.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හෙට (15) ජනාධිපති ගෝඨාභය රාපක්ෂ හමුවීමට නියමිතයි.

අදාළ සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා රජය ගෙන ඇති ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ ව සාකච්ඡා කිරීමට යෝජිත බවත්, මෙරටට එල්ල වී ඇති ආර්ථික වියවුල්කාරී තත්ත්වය හමුවේ මෙම ක්‍රියාවලිය පිළිබඳ ලක් රජය ගෙන ඇති යෝජනාවලිය අඩංගු වාර්තාව ද මුදල් අමාත්‍යවරයා අයි. එම්.එෆ්. වෙත රැගෙන යාමට නියමිතයි.

කෙසේවෙතත්,මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යවරයා අයි.එම්.එෆ් වෙත සහභාගී වන්නේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන සංවාදයට බඳුන් නොවන අතර, ආර්ථික විසඳුම් අපේක්ෂාවෙන් විශේෂඥ සහාය ලබා ගැනීම උදෙසා පමණක් සිදු කෙරෙන සංචාරයක් පමණක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38