ශිෂ්‍යත්ව ප්‍රතිඵල හෙට උදෑසන

2021, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හෙට පෙරවරු 06 ට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා කියා සිටියේ අද මධ්‍යම රාත්‍රියේ සහ හෙට පෙරවරු 06 අතර කාලයේදී ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි.

2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,943 කදී පැවති අතර ඒ සඳහා අපේක්ෂකයින් 340,507 දෙනෙකු පෙනී සිටීමට නියමිත වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
50
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?