භාරතයෙන් ණය දෙන්න එකඟවෙයි

ශ්‍රී ලංකාව ඉල්ලා සිටි ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකම සඳහා ඉන්දීය මහ බැංකුවේ අනුමැතිය හිමිව ඇති බව එරට මාධ්‍ය සඳහන් කළා.

එය ප්‍රධාන වශයෙන් යොදාගැනෙනු ඇත්තේ ඉන්ධන ආනයනයට යි.

මෙහි දී ණය පහසුකමෙන් සියයට 75ක් ඉන්දීය අපනයනකරුවන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා යොදාගත යුතු අතර, ඉතිරි සියයට 25 වෙනත් ඕනෑම රටකින් භාණ්ඩ ආනයනය සඳහා යොදාගත හැකියි.

ණය පහසුකම මාස හයක කාලය සඳහා ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත එය තවත් වසරක කාලයක් සඳහා දිගු කළ හැකි බවයි ඉන්දීය මහ බැංකුව දන්වා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !