මැති ඇමතින්ට-නිලධාරීන්ට අතිරේක ඉන්ධන දීම ගැන තීරණයක් ගනී

ඉන්ධන අර්බුදය නිසා පැනනැගී ඇති තත්ත්වය මග හැරෙන තෙක් මැති ඇමතිවරුන් ඇතුළු සියලු ම රජයේ නිලධාරීන්ට අතිරේක ඉන්ධන ලබා දීම වහා ම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවසීය. 

අත්‍යවශ්‍ය ම රාජකාරි අවශ්‍යතාවක් නොමැතිව සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි රජයේ කාර්යාල විවෘතව තැබීම තහනම් කෙරෙන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය. 

විදුලිය සහ ඉන්ධන පිරිමැසීම සඳහා මෙම පියවර ගැනීමට සිදුවූ බව ද රත්නසිරි මහතා අවධාරණය කළේ ය. 

පසුගිය මාස දෙකෙහි විදුලි බිල්පත් පරීක්ෂාකර, එම බිල්පත් සංසන්දනය කර, විදුලි බිල්පත සඳහා වැය කරන මුදල අඩුකර ගැනීම සඳහා සියලු ම ආයතන ප්‍රධානීන් වගබලාගත යුතු බව ද ලේකම්වරයා පැවසීය. 

මේ දිනවල පවතින ඉන්ධන ප්‍රශ්නය නිසා බස් හා දුම්රිය මගින් සේවයට පැමිණෙන රජයේ සේවකයන්ට රාජකාරියට පැමිණීමේදී සිදුවන ප්‍රමාදවීම වෙනුවෙන් ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුව පැය භාගයක සහන කාලයක් ලබා දෙන බව ද රත්නසිරි මහතා සඳහන් කළේ ය.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16