මෛත්‍රීගේ යෝජනාවට ජනපති සහ අගමැති එකඟ වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ ප්‍රධාන යෝජනාවට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එකඟත්වය පළ කළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර ජනාධිපති කාර්යාලයේදී අද (08) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා,

“රටේ පවතින අර්බුදය මැද ජනතාව පත්වී ඇති පීඩනය අවම කිරීමට කිසියම් සහන වැඩපිළිවෙලක අවශ්‍යතාව ඉටුකිරීමට සඳහා සර්ව පාක්ෂික නායක සමුළුවක් කැඳවන්න කියන එක අපේ ප්‍රධාන යෝජනාවක් වුණා.”

“ඒ අනුව අද අපි කරන ලද සාකච්ඡාවේදී ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එකඟතාවය පළ කළා.”
 
“මේ මාසයේ අවසානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිතුමාගෙන් ආරාධනයක් ලැබේවි.” 

“සර්ව පාක්ෂික සමුළුවට අනුගාමීව විද්වතුන්ගේ සමුළුවකුත් කැඳවීමට අපි ඉල්ලා සිටියා. ඒකටත් එකඟත්වය පළවුණා.”

වර්තමානයේ රට මුහුණ පා ඇති අර්බුදයන්ට විසඳුම් ඇතුළත් කරුණු 15කින් සමන්විත යෝජනාවලිය පිළිබඳව ජනාධිපතිවරයා සමග පැවති මෙම හමුවේදී සාකච්ඡා කළ බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවසීය.

එම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද එක්වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ නඩුව අද - කොටුව උසාවිය ඉදිරිපිට නවතම දර්ශන
01:47
Video thumbnail
ආණ්ඩුව වෙනුවෙන් ලබාදුන්න ජන වරම දැන් අවසන්වෙලා තියෙන්නේ..සංජීවගෙන් ආණ්ඩුවට සැර කතාවක්
03:42
Video thumbnail
අසූචි නාවපු සිද්ධියේ හිටපු සෙට් එකගේ සියල්ල සුගීෂ්වර හෙළිකරයි..එක්කෙනෙක්වත් ගම් වාසීන් නෑ..මැරයෝ මේ
08:09
Video thumbnail
ලංකා ඉතිහාසයේ හොරකමට දක්ෂම ආණ්ඩුව මේක..කැබිනට් එකේ ලොකුම හොරාවීමේ තරඟයක් තියෙන්නේ..
04:28
Video thumbnail
අහිමි වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන නලින්ද කට අරියි..විපක්ෂය ඔහේ ආණ්ඩුවට ගහනවා..අනේ පව් ඉතින්
02:50
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:06
Video thumbnail
විපක්ෂයට ටිල්වින්ගෙන් සැර සත්තමක්..මන්ද මානසික කණ්ඩායමක් විපක්ෂයේ ඉන්නේ
06:29
Video thumbnail
වාහන පර්මිට් සංස්කෘතිය අපි වෙනස් කළා..රාජ්‍ය ආණ්ඩු මට්ටමෙන් වුණ වංචා අපි නතර කළා
02:43
Video thumbnail
NPP එකෙන් මේ සැරේ දැවැන්ත මැයි රැලි 21ක් කරනවා..මැයි රැලි ඉතිහාසයේ වාර්තාවක් වෙයි
03:49
Video thumbnail
ඇග පුරා වියළි ගංජා බැදගෙන ගිය ජාවරම්කරුවෙකු අතේ මාට්ටු
01:07