කොවිඩ් රෝගීන් ගැන තවත් හෙලිදරව්වක්

කොවිඩ් රෝගය වැළදුනු තරුණයින් අතර ලිංගික ගැටලු හෝ දරු උපත් පමාවීමේ යම් හැකියාවක් පවතින බව වෛද්‍යවරු පවසති.

කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පවසා සිටියේ, කොවිඩ් ආසාදනය වූවන් අතර, කෙටි කාලීන හා දිගු කාලීන් වෙනත් රෝගී ලක්ෂණ දැකිය හැකි බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා,

“කොවිඩ් රෝගය වැළඳුනහොත් තරුණ පිරිමි කෙනෙකුට හෝ කාන්තාවකට ඒ කොවිඩ් රෝගයේ දක්වන මූලික ලක්ෂණ තමයි අපි කියනවා ආසාදනය සහ රුධිර කැටි ගැසීම. මේ සිද්ධි දෙකේ කෙටි කාලීන සහ දිගු කාලීන සිද්ධාන්ත සිදුවෙන්න පුළුවන්. ඒ අනුව දැනට සොයාගෙන තියෙනවා යම් ආකාරයකින් කොවිඩ් රෝගය වැළඳුන තරුණ අය අතරේ ලිංගික ප්‍රශ්න හෝ දරු උපතක් ප්‍රමාදවීමේ යම් හැකියාවක් තියෙනවා. හැමෝටම නෙමේ අඩු ගානේ කෙටි කාලීනව හෝ යම් හැකියාවක් තියෙන්න පුළුවන්. හැබැයි කොතනකදිවත් බූස්ටර් එන්නත නිසා මෙවැනි ලිංගික අප්‍රාණිකත්වයක් හෝ වදභාවයට පත්වීමක් ගැන පිළිගත හැකි වෛද්‍ය සාක්ෂියක් නැහැ.”

මේ අතර කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් සිදුවන මාතෘ මරණ සංඛ්‍යාව මේ වසර තුළ ක්‍රමානුකූලව අඩු වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

එම කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා කස්තුරිආරච්චි මහත්මිය සඳහන් කළේ, කොවිඩ් ආසාදනය වන ගැබිනි මව්වරුන් සංඛ්‍යාව ද පහළ ගොස් ඇති බවය.

සෞඛය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා කස්තුරිආරච්චි මහත්මිය වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

“2020 දී 161ක්. පසුගිය වර්ෂයේ දී 11,268ක් සහ මේ වර්ෂයේ මේ වනවිට 1,003ක් ආසාදනය වුණ ගර්භණී කාන්තාවන් අප වෙත වාර්තාවෙලා තියෙනවා. කොවිඩ් ආසාදනය නිසා ගිය වර්ෂයේ දී මාතෘ මරණ 60ක් වෙලා තියෙනවා. එයින් 57ක් ගර්භණී කාලය තුළ සිදුවෙලා තියෙනවා. මේ වසරේ කොවිඩ් නිසා සිදුවු එක මාතෘ මරණයක් වාර්තා වෙලා තියෙනවා. වසර ගණනාවක් තුළ පහළ යමින් තිබු මාතෘ මරණ අනුපාතිකය පහුගිය අවුරුද්දේ නැවතත් ඉහළ යෑමක් දකින්නට ලැබුණා. සියයට 1කින් වගේ වැඩිවෙලා තියෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගෙන් ප්‍රබල හෙළිදරව්වක් - වතු ජනතාව වතු ඉඩම්වලින් පන්නනවා
11:38
Video thumbnail
උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:27
Video thumbnail
චාමර සම්පත් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:44
Video thumbnail
මම KPI කතාකරන්නේ - උඹේ ජීවිතේ උඹ කරන අවසාන පෙරහැර මේක
01:50
Video thumbnail
කුරුමාණම අල්ලලා බස් රථ රියදුරුගේ බෑගය සොරාගත් අයුරු - මාර මිනිස්සු තමයි..
01:33
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ගින්නෙන් පස්දෙනෙකුගේ දිවි අහිමි වෙයි - මෙන්න නවතම දර්ශන
02:25
Video thumbnail
"මහින්දගේ රත්තරං පිළිමයක් හදන්න ඕනි"නාමල් කිලෝමීටරයක් දකින කෙනෙක් නෙවෙයි
16:57
Video thumbnail
🔴Breaking News
03:05
Video thumbnail
මම දේශපාලනයෙන් අයින් වෙන්නම් - සුජීව ජනපතිට අභියෝග කරයි
11:48
Video thumbnail
වේල්ස් කුමරි විදුහල අසළ මහ පාර මැද කරණම් ගැසූ කා‍ර් රථය - වේගය පාලනය කරගන්න බැරිව ගිහින්
00:44