කොළඹ කොටුවේ පිහිටි විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.
විදුලිය විසන්ධි වීමක් හේතුවෙන් එම අංශය වෙත සේවා ලබා ගැනීම සඳහා පැමිණි සේවාලාභීන් අසීරුතාවට පත්වීමෙන් එම නොසන්සුන්තාව හටගෙන ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් සිදුකළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ, කොන්සියුලර් අංශය පවත්වාගෙන යන අදාළ පෞද්ගලික ගොඩනැගිල්ලේ ගැටලුවක් හේතුවෙන් විදුලිය බිඳවැටීමක් සිදුව ඇති බවය.
කෙසේවෙතත් විදුලි සැපයුම කඩිනමින් ලබාදීම සඳහා අදාළ බලධාරීන් එකඟතාවය පළ කර ඇති අතර ඒ අනුව සේවාවන් ලබාදීමේ කටයුතු ඉක්මණින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













