ජනපති ආර්ථික සභාව කැඳවයි

මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ‘ආර්ථික සභාව’ කැඳවීමට ජනාධිපතිවරයා විසින්තීරණය කරඇති බව වාර්තා වන අතර,මෙම ආර්ථික සභාව සතිපතා රැස්වීමටද නියමිතය.

ඒ අනුව සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, කෝවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසු ජාතික ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය, ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම් සහ රජයේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති සඳහා ඍජු බලපෑමක් ඇති කරන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතිද ඇතුළුව දේශීය ආර්ථික ප්‍රතිපත්තින් පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කර සමස්ත ආර්ථික කළමනාකරණයක් සිදු කිරීමට අපේක්‍ෂිතය.

එමෙන්ම ගෝලීය ආර්ථිකයේ සිදුවන වෙනස්වීම් සඳහා දේශීය වශයෙන් ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීම් සඳහා ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධීකරණය කිරීම, රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතනවලට උපදෙස් ලබාදීමද ඇතුළුව මෙරට ආර්ථිකය මෙහෙයවීම සම්බන්ධයෙන් ආර්ථික සභාව විසින් මගපෙන්වීම් ලබාදිය යුතු බව ජනාධිපතිවරයා විසින් සඳහන් කර ඇති බවට වාර්තා වේ.

ආර්ථික සභාවේ උපදෙස් අනුව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව අදාළ තීන්දු ක්‍රියාත්මක කිරීම හා ප්‍රතිඵල අරමුණු කරගත් අඛණ්ඩ අධීක්‍ෂණයක් සිදුකිරීමද අපේක්‍ෂිතය.

ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත්ආර්ථික සභාව සඳහා සාමාජිකයන් 10දෙනෙකු පත් කිරීමට නියමිතව ඇති අතර, ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ, ශ්‍රීලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්,භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, ශ්‍රී ලංකා මහ බැංකු නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර යන මහත්වරුන් පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

තවද අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතනවල නිලධාරීන් සහ එක් එක් ක්‍ෂේත්‍රයෙහි ප්‍රාමාණික විද්වතුන් අවශ්‍ය පරිදි ආර්ථික සභාවේ රැස්වීම් සඳහා කැඳවීමටද නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03
Video thumbnail
ලාල්කාන්ත කිසිම නඩුවක් දාන්නේ නෑ නෙවෙයි දාන්න බෑ..කීර්තිනාමය නැති කෙනෙක්ගේ කොහොමද පළුදු වෙන්නේ
04:40
Video thumbnail
හැකර්ලා Hack කරපු එකක් වෙලා නෑ - ගම්මන්පිල සියල්ල හෙළිකරයි..මාරු කරපු ගිණුම පැලවත්තේ එකක්ද ?
04:07
Video thumbnail
හොරාගේ අම්මගෙන් නෙවෙයි දැන් පේන අහන්නේ හොරාගෙන්..එළියට නොදා මේක වහගන්නද බැලුවේ?
11:56
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18