මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාව අද විවෘත කෙරේ

හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63 ක භූමිය පුරා ඉදිවන ලොව විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා මුල් විස්ස අතරට එක්වන නව කර්මාන්තශාලාව අද විවෘත කිරීමට නියමිතයි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව මෙරට කර්මාන්ත අමාත්‍යංශයේ ලියාපදිංචි දේශීය සිමෙන්ති කම්හල් 06 අතරට අලූතින් එක්වන නව කර්මාන්තශාලාව මෙයයි.

හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ නව තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබුවේ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදීයි.

මෙම නව සිමෙන්ති කම්හල මගින් වසරකට මෙටි්‍රක් ටොන් මිලියන 2.4 ක සිමෙන්ති ධාරිතාවක් වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.

ඒ අනුව මෙම නව සිමෙන්ති කර්මාන්තශාලාව හරහා දැනට වෙළදපොලේ පවතින සිමෙන්ති හිගය මගහරවා ගැනීමට හැකිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !