පාන් මිල ඉහල යන ලකුණු

ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. 

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා අද (06) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ ගෑස් සහ තිරිගු පිටි හිඟය හේතුවෙන් එම තත්ත්වය උද්ගත වී ඇති බවය.

පවතින අර්බුදකාරි තත්ත්වය හේතුවෙන් බේකරි 1,000කට අධික සංඛ්‍යාවක් මේවන විට වසා දමා ඇති බව ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දුනි.

ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම ද බේකරි කටයුතු පවත්වාගෙන යාමට බරපතළ ගැටලුවක් වී ඇති බව  බේකරි හිමියන්ගේ සංගමයේ එන්.කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“අද වෙනකොට අපට දැනගන්න තියෙන විදිහට බේකරි 1,000 වැඩි ප්‍රමාණයක් වහලා තියෙනවා තවකාලිකව වැඩකරගන්න බැරුව. ඒ සමගම සියලුම බේකරිවල වැඩ කරන්නේ සතියට දවස් 05යි උපරිම. දවස් 05කට වඩා වැඩිකරන්න හැකියාවක් නැහැ. ඉතින් මේ විදිහට යනකොට ඉදිරියේදී මම හිතන්නේ පාන් ගෙඩිය රුපියල් 100කම් පනිනවා අනිවාර්යෙන්ම. පාන්ගෙඩිය රුපියල් 100න් ඉහළ යනවා. 100 නෙමෙයි 150ට යන්නේ නැතුව නැවතුනොත් ඇති.

මේ තියෙන බඩු ගණන්  අරවා මේවා සේරම ප්‍රශ්නත් එක්ක අන්වාර්යෙන්ම පාන් ගෙඩියක් රුපියල් 100ට වැඩියෙන් විකුණන් වෙනවා. 100 අඩුවෙන් විකුණවානම් ඒ නියමිත බර තියෙන පාන් ගෙඩියකක් නෙමෙයි. ඉතින් අපිට කියන්න කරුණු ඉතුරුවෙලා නැහැ. අර ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ. සියලුම ප්‍රශ්න ටික අපේ කරපිට ඇවිත් ඉවරයි. තව සතියකින් මේ විදිහට ගියොත් මුළු ලංකාවේ තියෙන සියලුම බේකරි ටික වහලා දාන මට්ටමට පත් වෙලා ඉවරයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51