නිදහස් පක්ෂයේ යෝජනාවලිය සාකච්චා කිරීමට ජනපතිගෙන් දිනයක්

වර්තමානයේ රට මුහුණ පා ඇති අර්බුදවලට විසඳුම් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පසුගියදා ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අවස්ථාව ලබා දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව එම සාකච්ඡාව ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අදාළ යෝජනා ඉදිරිපත් කර මාසයක පමණ කාලයකට පසු ජනාධිපතිවරයා සමග ලැබී ඇති මෙම හමුව පිළිබඳව ආණ්ඩුවේ සෙසු හවුල්කාර පක්ෂ 10 සමග සාකච්ඡා කිරීම සඳහා කොළඹ දී ඊයේ (05) රාත්‍රියේ සාකච්ඡාවක් පැවැත්වුණි.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත් කෙරුණු පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ යන මහත්වරුන් ඇතුළු හවුල්කාර පක්ෂවල නායකයින් හා නියෝජිතයින් එක්ව සිටියේය.

ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත හමුවේදී අවධානයට ලක්කළ යුතු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් හිමි වූ දෙවැනි අවස්ථාව මෙයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27