රටේ ඇතිව ඇති දැඩි අර්බුද හමුවේ මැති ඇමතිලා පිරිසක් රටහැර යන්න හදයි

 රටට ඉදිරියේදී අත්වීමට නියමිත බරපතල ආර්ථික අර්බුද හා විවිධ හේතු මත ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් රට හැර යෑමේ සූදානමක පසුවන බව වාර්තා වේ. ඒ අතර ආණ්ඩුව ගැන දැඩිව කලකිරුණ අයද ඇතැයි පැවසේ. පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මාස තුනක කාලයක් සඳහා මේවන විටත් ජපානයට ගොස් සිටින අතර ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාද විදේශයකට ගොස් සිටින්නේය.

රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් මාස තුනක කාලයක් සඳහා නිවාඩුව පාර්ලිමේන්තුවද පසුගියදා අනුමත කර ඇති බවද පැවසේ. අමාත්‍යංශයේ කටයුතු සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින නිමල් ලන්සා මහතා මේවන විට සිටින්නේ ඩුබායි රාජ්‍යයේ බවද වාර්තා වේ.

කෙසේවුවද ඒ මහතා අද රාත්‍රියේ නැවත ලංකාවට පැමිණීමට නියමිත බවද පැවසේ. ලන්සා මහතා මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා එම අමාත්‍යංශයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනපතිවරයාට ලිපියක් යොමුකළ අතර ඉන් පසුව ඔස්ට්‍රේලියාව බලා කෙටි කලකට යාමට සැලැසුම්කර තිබුණද එය නවත්වා ඇත්තේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව දේශපාලන ආරංචි මාර්ග මගින් වාර්තා වේ. ඒ මහතාට ඕස්ට්‍රේලියාවේ නිවසක් ඇති බවට මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණි. මේ අතර ඇමැති තනතුරු නොලැබීම නිසා කලකිරීමට පත්ව සිටින ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලන කටයුතුවලින් ඉවත්වී විදේශගත වන බවට සිය හිතවතුන්ට දැනටමත් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාද දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය බාර ගැනීම සඳහා පසුගියදා පිටත්ව ගියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !